දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති සජිත් රණවිරුවන්ගේ දෙපාමුලට නෑවිත් සුමන්දිරන්, බදුර්දීන්ගේ දෙපාමුලට යයි..
Homeප්‍රවෘත්ති

ඇමති සජිත් රණවිරුවන්ගේ දෙපාමුලට නෑවිත් සුමන්දිරන්, බදුර්දීන්ගේ දෙපාමුලට යයි..

PropellerAds

සිය වැටුප් ගැටළුවලට විසඳුම් ඉල්ලමින් කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවයේ යෙදී සිටින ආබාධිත රණවිරුවන් මුණ ගැසීමෙන් අනතුරුව පිවිතුරු හෙළ උරුම...

අගමැතිට එරෙහි විශ්වාසභංගයට දින නියම වෙයි
බදුල්ලේදී කෝච්චියක් පීලි පනී
ජනපති අද පාකිස්ථානයට
සිය වැටුප් ගැටළුවලට විසඳුම් ඉල්ලමින් කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවයේ යෙදී සිටින ආබාධිත රණවිරුවන් මුණ ගැසීමෙන් අනතුරුව පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද සහ ප්‍රචාරක ලේකම් තුෂාර දිසානායක මහත්වරුන් මෙම අදහස් පල කලහ.

පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා

මේ රණවිරුවන්ගේ, එහෙමත් නැතිනම් ආබාධිත තත්වයේ සිටින මේ වීරයන්ගේ සෑම ප්‍රශ්නයකදීම අප ඔවුන් සමග හිටගත්තා. මේ ප්‍රශ්නෙදි අපි දවස් තුනක් බලාගෙන හිටියා. හේතුව තමයි අපි ඉදිරිපත්වන හැම වාරයක් පාසාම එක එක්කෙනා මේක ලේසියට දේශපාලන ප්‍රශ්ණයක් විදියට හංවඩු ගහන්න පටන් ගැනීම. අප මෙතන නියෝජනය කරන්නේ දේශපාලන පක්ෂයක් නොවේ. මේ රටේ සිංහල මිනිසුන් හැටියට අප සියලු දෙනාටම ආරාධනා කරනවා මෙතනට එන්න. මේ රණවිරුවෝ නිදහස අපට අරන් දෙනකොට පොහොට්ටුවේ හෝ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කඳවුරේ අයට පමණක් නොවෙයි නිදහස ලබා දුන්නේ. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ දණ්ඩේ ගියා වගේ ගැහි ගැහී හෝ මේවටත් එන්න. මොකද මේක දේශපාලන පක්ෂයක කතාවක් නොවේ. එක්සත් ජාතික පක්ෂයේ එක් අයෙක්වත් මෙතෙන්ට නොපැමිණිය එක ගැන අප කණගාටු වෙනවා. කෝ මේ මිනිස්සු. මුස්ලිම් දේශපාලනඥයින් ඉන්නවා හැමදේකටම පනින. නමුත් කෝ මේගොල්ලෝ අද. දෙමළ දේශපාලඥයන් කෝ.

අප වගකීමෙන් කියනවා මේ තමයි අවසාන අවස්ථාව මේ රටේ රණවිරුවන් මෙහෙම පාරට වැටෙන. ලබන අවුරුද්දෙන් පස්සේ අප ප්‍රාර්ථනා කරන්නේ එහෙම දේවල් මේ රටේ වෙන්න බැහැයි කියලයි. ලබන අවුරුද්දේ අපේ ආණ්ඩුවක් යටතේ මෙය විසඳන බව අප පැහැදිලිවම කියලා තියෙනවා. එහෙම විසඳුනේ නැත්නම් ඔවුන්ට යම් හෙයකින් පාරට ඉන්න සිදු වුණොත් අප නම් සජිත් වගේ ගැහි ගැහී ඉන්නේ නැහැ. අප නම් එදාටත් මෙතනට එනවා. මොකද එහෙම එන්න අයිතියක් අපට තියෙනවා.

හැම හටනම පටන් ගන්න කොට ඇතැමුන් ඇවිල්ලා එතනින් ඉඳගෙන ඒ සටන දියාරු කරන්න හදනවා. මෙතෙන්ට කවුරුවත් ඇවිල්ලා ඉඳගන්න අවශ්‍ය නැහැ. මේ රණවිරුවන්ගේ හයියට ඔවුන්ගේ පිටුපසින් හිටගන්න. අපි ආවෙත් ඔවුන්ගේ පිටුපසින් හිටගන්න. මෙතනට ලංකාවේ ඕනෑම දේශපාලනඥයකුට එන්න පුළුවන්. හැබැයි එහෙම ඇවිත් මේ රණවිරුවන්ගේ පිටුපසින් හිටගන්න. එහෙම නැතුව මේ සටන තමන්ගේ කරගන්න ගිහින් මේක දියාරු කරන්න එපා. මොකද මේ සටනට ජාතියක් පක්ෂයක් නැහැ තියෙන්නෙ වීරත්වය පමණයි.

මේ සටන ගෞරවයෙන් නිමා කිරීම සඳහා මේ අභීත රණවිරුවන් ට පූර්ණ සහාය හැමදාමත් වගේම අප අදත් පළ කරනවා.

පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා

මේ රණවිරුවන් තමන්ගේ අත් පා දන්දීලා තමයි මේ රටේ මිනිසුන්ට නිදහසේ ඇවිද යන්න පුළුවන් පරිසරය නිර්මාණය කළේ. ඒ රණවිරුවන්ට තමයි අද රජයේ පිළිසරණක් නොමැතිව තමන්ගේ වේදිකාව මේ පදිකවේදිකාව බවට පත් කරගන්නට වෙලා තිබෙන්නේ. මේ ඉන්නේ සරණාගතයන් හෝ යාචකයන් නොවේ. මේ රටේ අභිමානය වෙනුවෙන් කැපවුණු පරපුරකුයි මේ ඉන්නෙ. සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වෙ නම් රණවිරුවන්ගේ දෙපාමුලට ගිහිල්ලා රණවිරුවන්ගේ ප්‍රශ්න විසඳනවා කියලා. එහෙම කිව්ව සජිත් ප්‍රේමදාස මහත්තයා රණවිරුවන්ගේ දෙපාමුලට ආවේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා සම්බන්ධන් ගේ සුමන්දිරන් ගේ මනෝ ගනේෂන්ගේ රිෂාඩ් බදුර්දීන්ගේ දෙපාමුලට ගිහිල්ලා ලැබෙන ඡන්ද කුට්ටියට වෙනුවෙන්. රට ආරක්ෂා කරපු රණවිරුවන්ගේ දෙපාමුලට එන්නට සජිත් ප්‍රේමදාසට ද නොහැකි වෙලා තියනවා. මේ ආණ්ඩුවෙන් රණවිරුවන්ට සහනයක් ප්‍රාර්ථනා කිරීම හරියට ඉබ්බන්ගෙන් පිහාටු, හාවන්ගෙන් අං ඉල්ලනවා වගේ වැඩක්.

– අරවින්ද අතුකෝරල
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති සජිත් රණවිරුවන්ගේ දෙපාමුලට නෑවිත් සුමන්දිරන්, බදුර්දීන්ගේ දෙපාමුලට යයි..
ඇමති සජිත් රණවිරුවන්ගේ දෙපාමුලට නෑවිත් සුමන්දිරන්, බදුර්දීන්ගේ දෙපාමුලට යයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0CBdku1iZiSit9LxDmkXd96s2HWMBkVRz-KOqocklhO6iuVb4y3S5uWgBJEw7eY9bLfl5LLz0BorAPPVbks_KH3xh-jYKx_4yoP4ocxkZiCg8D6xNgI785vw6FzMTtIt1nfT6USiP3KSZ/s320/pastarmy.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0CBdku1iZiSit9LxDmkXd96s2HWMBkVRz-KOqocklhO6iuVb4y3S5uWgBJEw7eY9bLfl5LLz0BorAPPVbks_KH3xh-jYKx_4yoP4ocxkZiCg8D6xNgI785vw6FzMTtIt1nfT6USiP3KSZ/s72-c/pastarmy.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_323.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_323.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy