පාකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මහතාගෙන් ලද විශේෂ නිල ආරාධනය පර...
පාකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මහතාගෙන් ලද විශේෂ නිල ආරාධනය පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය.
ශ‍්‍රී ලංකා – පාකිස්ථාන මිතුදමේ සුවිශේෂී සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක්වන අතර මෑත යුගයේ ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට මෙවන් නිල ඇරයුමක් හිමිවූ පළමු අවස්ථාව ද මෙය වෙයි.
1956 මාර්තු 23 වන දින පාකිස්ථානය ජන රජයක් බවට පත්වූ අතර එදා සිට සෑම වසරකම මාර්තු මස 23 වන දිනය ජන රජ දිනය ලෙස උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබයි.
මෙවර උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා අභිමානවත් අයුරින් පිළිගැනීමට පාකිස්ථාන රජය මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.
සිය දෙදින නිල සංචාරය තුළදී පාකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් මහතාගේ මෙන්ම අග‍්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි මහතා සමඟ සාකච්ඡා පවත්වන ජනාධිපතිවරයා එහිදී දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයන්හි සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබද විශේෂ අවධානය යොමු කරනු ඇත.
එමෙන්ම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට සමගාමීව දෙරට අතර අධ්‍යාපන සහ සංචාරක ක්ෂේත‍්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් 04 කට ද අත්සන් තැබීමට නියමිතය.
COMMENTS