ගා ලු වරායේ ආසන්න මුහුදු තීරයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය වී සිටි සැකකරුවෙක් අද (27) උදෑසන අත්අඩංගුවට පත්ව...
ගාලු වරායේ ආසන්න මුහුදු තීරයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය වී සිටි සැකකරුවෙක් අද (27) උදෑසන අත්අඩංගුවට පත්ව තිබේ.
ඇවන්ට්ගාඩ් හී සමුද්‍ර ආරක්ෂක අංශ ප්‍රධානී ලෙස ක්‍රියා කර ඇති මෙම පුද්ගලයා අද අළුයම සිංගප්පූරුවේ සිට SQ 468 යානයෙන් මෙරටට පැමිණෙමින් සිටිය දී කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තු මුලස්ථානය වෙත බාර දී ඇත.
කලපලුවාව, රාජගිරිය ලිපිනයේ පදිංචි විෂ්වජිත් නන්දන දියබලනගේ නැමති මෙම සැකකරු සිංගපූරුවට ගොස් තිබු අතර ඔහුට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගුවන් ගමන් තහනමක් ද නිකුත් කර තිබිණි.
සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සිද්ධියට අදාළව මෙම සැකකරු ද සමඟ මේ වන විට සැකකරුවන් 8 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

COMMENTS