දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රඹුක්කන කොල්ලො දෙන්නා මරාදාපු හැටි ‌ඇසින් දුටු සාක්ෂිකරුවෙක් කතා කරයි! දවස් 3ක් තිස්සේ දස වද දීලා! පිහිවලින් කෑලි කපලා! තුවාලවලට මිරිස් කුඩු ඉහලා! සැනිටයිසර්වලින් නාවලා!
Homeප්‍රවෘත්ති

රඹුක්කන කොල්ලො දෙන්නා මරාදාපු හැටි ‌ඇසින් දුටු සාක්ෂිකරුවෙක් කතා කරයි! දවස් 3ක් තිස්සේ දස වද දීලා! පිහිවලින් කෑලි කපලා! තුවාලවලට මිරිස් කුඩු ඉහලා! සැනිටයිසර්වලින් නාවලා!

PropellerAds

මාවනැල්ලේ අතුරුදන්ව සිටි මුස්ලිම් තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු හමු වූයේය. පෙරේදා (12) එක් සිරුරක් සොයාගත් අතර අනෙක් සිරුර ඊයේ සොයා ගැනුණි.  ...

ශ්‍රීලනිප 15 කණ්ඩායමත් ස්‌වාධීන වීමට යයි
මහනුවර දෙවෙනි කුඹල් පෙරහැර අද
මහින්දගෙන් ප්‍රශ්න කරන්න මහින්දගේ නිවසට අද CID යයි
මාවනැල්ලේ අතුරුදන්ව සිටි මුස්ලිම් තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු හමු වූයේය. පෙරේදා (12) එක් සිරුරක් සොයාගත් අතර අනෙක් සිරුර ඊයේ සොයා ගැනුණි. 
නොවැම්බර් 19 හා 25 යන දෙදින තුළ අතුරුදන්වූ බවට මාවනැල්ල පොලිසියට වාර්තා වුණු මෙම තරුණයන් දෙදෙනා දස වදදී මරා රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ නිවසක් පසුපස වළදමා තිබිණි. අපරාධයට ලක්වී තිබුණේ මාවනැල්ල කිරිංගදෙණිය හා කෙරමිණියවත්ත ප්‍රදේශවල පදිංචි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් (26) සහ මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෆාත් (28) යන දෙදෙනාය.

මෙම තරුණයන් රඳවාගෙන පහරදෙන අතර ඔවුන් තියුණු ආයුධවලින් කපා එම තුවාලවලට ලුණු කුඩු සහ විෂබීජ නාශක දියර ඉසිමින් දස වදයට ලක්කර ඔවුන්ව මරාදමන්නේ හුරීමලුවේ ෆර්හාන් නැමැති ප්‍රාදේශීය කුඩු ජාවාරමක ප්‍රධානියෙකි.

හුරීමළුවේ ෆර්හාන් නැමැති මිනීමරුවා පුරා දින තුනක් තිස්සේ මෙම තරුණයන් වදයට ලක් කිරීමෙන් පසු මරාදමන ආකාරය ඇසින් දුටු පුද්ගලයෙක් සිටියේය. ඔහුත් මරාදැමීමට නියමිතව වදයට ලක් වූ තැනැත්තෙකි. එහෙත් ඔහු ජීවිතය බේරාගෙන පලාගොස් තිබිණි.

සිය නිවසේ කාමරයක් තුළ මේ තරුණයන් දෙදෙනාට වදදී මරාදමා සිරුරු පොලිතින්වල ඔතා තම නිවස පසුපස වළදැමීමට මිනීමරු ෆර්හාන් කටයුතු කර තිබිණි. අනතුරුව වළ දැමූ ස්ථානය කොන්ක්‍රීට්වලින් ආවරණය කිරීමට ඔහු කටයුතු කර ඇත.

පොලිසිය පවසන්නේ ඝාතනය වූ තරුණයන් දෙදෙනා හෙරොයින් මත්කුඩුවලට ඇබ්බැහි වූවන් බවය.

ඔවුන් දෙදෙනා ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීම සම්බන්ධව මුල්ම තොරතුර ලැබෙන්නේ කෑගල්ල කොට්ඨාස අපරාධ කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුටය. රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර හුරීමළුවේ ෆර්හාන් නමැත්තාගේ නිවස තුළ තරුණයන් දෙදෙනකු ඝාතනය කරන අයුරු තමා දුටු බවට වූ තොරතුරක් පුද්ගලයෙකුගෙන් ඔහුට ලැබී තිබිණි.

තරුණයන් දෙදෙනා මරාදැමීමෙන් පසු එම නිවස පසුපස වළලන අයුරු දුටු බවත් ඔහු පවසා තිබිණි.

තොරතුර දුන් තරණයාට ද මත්ද්‍රව්‍ය ජවාරම්කරු පහර දී තිබිණි. ඔහුත් මරණයට නියම වූ අයෙකි.

මට හොඳටම ගැහුවා. මට ගහන අතරෙ මේ තරුණයන් දෙදෙනා ඒ නිවසේ කාමරයක් ඇතුළෙ සිරකරන් හිටියා. ආයුධවලින් කැපුවා. ඊට පස්සේ ඒ තුවාලවලට ලුණු කුඩු දැම්මා. විෂබීජ නාශක වතුර දැම්මා. ඒ කොල්ලො දෙන්නා විඳපු අපා දුක මම මගෙ ඇස් දෙකින්ම දැක්කා. ඔහු පොලිසියට කීවේය.

මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෆාත් නම් තරුණයාට දින තුනක් පමණ වධහිංසා පැමිණ වූ බව ඔහු පොලීසිය සඳහන් කළේය. එහෙත් මුලින්ම මියගියේ 26 හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් බවත් ඔහු කිවේය.

මේ පිළිබඳ කෑගල්ල කොට්ඨාස අපරාධ කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකරගේ උපදෙස් මත එහි ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා අප්සරා අබේගුණසේකර වැඩිදුර විමර්ශන සිදුකර වැදගත් තොරතුරු රැසක් හෙළිකරගැනීමට සමත් වී ඇත.

ඒ තොරුතු අනුව තරුණයන් දෙදෙනා හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූවන්ය. පසුගිය නොවැම්බර් මස රටේ හෙරොයින් හිඟයක් මතුවීමත් සමග ඔවුන් අයිස් මිලදී ගැනීමට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසට ගොස් තිබේ.

ඝාතනයට හේතුව මියගිය දෙදෙනාගෙන් 28 හැවිරිදි තරුණයාගේ සහෝදරයා සහ මෙම ජවාරම්කාර අර්ෆාන් අතර ඇතිවී තිබුණු මත්ද්‍රව්‍යා ජාවාරමේ ආරවුලකි. ඒ පුද්ගලයා හුරීමළුවේ ෆර්හාන් නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් මත්ද්‍රව්‍ය ලබාගෙන මුදල් ලබා නොදීම සම්බන්ධව ගැටුමක් තිබී ඇත. අයිස් සොයා නිවසට ගිය මෙම තරුණයා සහ ජවාරම්කාර ෆර්හාන් අතර ප්‍රශ්නයක් ඇති වී තිබෙන්නේ එක් තරුණයෙකුගේ සොයුරා විසින් මුදල් නොදී මගහරිනු ලැබූ මත්ද්‍රව්‍ය පිළිබඳවය.

ඒ සම්බන්ධව තරුණයා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අතර වචන හුවමාරුව බහින්බස් වීමක් තෙක් දුරදිග ගොස් ඔවුන් දෙදෙනාම ජාවාරම්කරුගේ ග්‍රහණයට හසු වී තිබේ.

ප්‍රාදේශීය මට්ටම තෙක් විහිදී ගිය මත්ද්‍රව්‍ය ජාවාරමේ ම්ලේච්ඡත්වය හෙළි කරමින් මේ තරුණයන් දෙදෙනා ඝාතනය වී ඇත්තේ ඔවුන්ට අදාළ නැති මත්ද්‍රව්‍ය ජාවාරමේ දිගුවක් ලෙස බව දැන් අනාවරණ වී ඇත.

එමෙන්ම මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා තමන් සොයාගෙන පැමිණි මේ තරුණයන් දෙදෙනා තමන් ගැන පොලීසියට ඔත්තු සපයන්නන් බවට ද අර්ෆාන් සැකකර තිබේ. ඔවුන්ට දසවද දී ඝාතනය කරන්නේ ඒ හේතුව නිසා බව ද විමර්ශන අංශ කියයි.

පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් ද සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසේ පසුපස කොටස පෙරේදා (12) පරීක්ෂා කළාය.

අනතුරුව නිවසේ පසුපස කොටසේ කොන්ක්‍රීට් තට්ටුවක් දමා කුකුළු කොටුවක් සැකසීමට සකස් කළ ස්ථානයක පොලීසිය විසින් කැණීමක් සිදුකෙරිනි.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය 12 දා පස්වරුවේ මළසිරුරක් සොයාගත් අතර ඒ, 26 හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර්ගේ බව පොලිසිය විශ්වාස කරන්නේය.

ඊයේ එහි කැණීම් සිදුකළ විමර්ශන නිලධාරීන්ට එහි වූ දෝනාවක් වැනි කොටසක් තුළින් අනෙක් මළසිරුර ද සොයාගැනීමට හැකිවී තිබුණි.

එය මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෆාත් නම් 28 හැවිරිදි තරුණයාගේ සිරුර යැයි සැකකරන බව පොලීසිය කියන්නේය.

මියගිය තරුණයන්ගේ සිරුරු එතීම සඳහා භාවිත කළ බව පැවසෙන ඉටි කොළ ද සැකකරුගේ නිවසේ තිබියදී පොලීසිය සොයාගෙන තිබිණි.

සිද්ධියට සම්බන්ධ හුරීමළුවේ ෆර්හාන් නමැත්තා ඇතුළු ප්‍රධාන සැකකරුවන් සිව්දෙනෙක් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

පොලිසිය මිනීමරුවන් සොයා පරීක්ෂණ පවත්වයි.

lankasara


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රඹුක්කන කොල්ලො දෙන්නා මරාදාපු හැටි ‌ඇසින් දුටු සාක්ෂිකරුවෙක් කතා කරයි! දවස් 3ක් තිස්සේ දස වද දීලා! පිහිවලින් කෑලි කපලා! තුවාලවලට මිරිස් කුඩු ඉහලා! සැනිටයිසර්වලින් නාවලා!
රඹුක්කන කොල්ලො දෙන්නා මරාදාපු හැටි ‌ඇසින් දුටු සාක්ෂිකරුවෙක් කතා කරයි! දවස් 3ක් තිස්සේ දස වද දීලා! පිහිවලින් කෑලි කපලා! තුවාලවලට මිරිස් කුඩු ඉහලා! සැනිටයිසර්වලින් නාවලා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJwzQaS3LC7N4rsrP1C6X3woTjNdiPVeQoqWsqmJCBEdTqSGaYUI3xM-uMb955m8G91U53TNzWc0wKPYEyYHllMSj_jTbkTgx8YrdO60GkVvg0WFb7TGmBr_nVJJ47CxXiegqnbLnMKPRhMIrCbqI3c-sui9Z8O6GujXTYZpinqDuk-BT-xADu8g/s320/Rambukkana.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJwzQaS3LC7N4rsrP1C6X3woTjNdiPVeQoqWsqmJCBEdTqSGaYUI3xM-uMb955m8G91U53TNzWc0wKPYEyYHllMSj_jTbkTgx8YrdO60GkVvg0WFb7TGmBr_nVJJ47CxXiegqnbLnMKPRhMIrCbqI3c-sui9Z8O6GujXTYZpinqDuk-BT-xADu8g/s72-c/Rambukkana.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/01/3.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/01/3.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy