මේ මොහොතේදී පළාත් සභා ඡන්දය පැවැත්වීමේ බලයක් ජනාධිපතිවරයා සතු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව තීරණය කර ඇත. මේ ...
මේ මොහොතේදී පළාත් සභා ඡන්දය පැවැත්වීමේ බලයක් ජනාධිපතිවරයා සතු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව තීරණය කර ඇත. මේ තීරණය සම්බන්ධව ජනපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.
දැනට නිල කාලය අවසන් වී ඇති පළාත් සභා සඳහා ඡුන්ද විමසීම දිගින් දිගට ප‍්‍රමාද වීමේ හේතුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇති ජනතාවගේ ඡුන්ද බලය ක‍්‍රියාත්මක කිරීමට ඇති අයිතිය ඔවුනට අහිමි වී ඇත. එබැවින් කඩිනමින් පළාත් සභා ඡුන්දය පැවැත්වීම කෙරෙහි ජනාධිපතිතුමන් විසින් සිය අවධානය යොමු කරන ලදී.
2017 අංක 17 දරණ පනතේ විධිවිධාන ප‍්‍රකාරව අතිගරු ජනාධිපතිතුමා විසින් ශ‍්‍රී ලාංකික ජන සමාජයේ බහුවිධ ස්වභාවය වෘත්තීමය හා සමාජීය විවිධත්වය ද ඇතුළත් වන පරිදි නියෝජනය වන ආකාරයට පස් දෙනෙකුගෙන් සමන්විත සීමා නිර්ණය කමිටුවක් 2017 ඔක්තෝබර් මස පත් කරන ලදී.
එකී කමිටුව විසින් පනතේ විධිවිධාන ප‍්‍රකාරව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලද සිය වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද නමුදු, එය පාර්ලිමේන්තුව විසින් අනුමත නොකරන ලදී.
එබැවින් නීති ප‍්‍රකාරව කථානායකවරයා විසින් 2018.08.28 අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රමුඛත්වයෙන් යුත් සමාලෝචන කමිටුවක් පත් කරනු ලැබූ අතර, එකී කමිටුව විසින් එම සීමා නිර්ණ කමිටු වාර්තාව සම්බන්ධයෙන් සිදු කළ යුතු වෙනස් කිරීම් සිදු කිරීමෙන් අනතුරුව එකී වාර්තාව ජනාධිපතිවරයාට භාර දිය යුතුවේ. එකී සමාලෝචන කමිටු වාර්තාව ලැබුණු පසු ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයක් මගින් වහාම මැතිවරණ කොට්ඨාසවල නව අංක, මායිම් සහ සමාලෝචන කමිටු වාර්තාව පදනම් කරගෙන නිර්මාණය කරන ලද මැතිවරණ කොට්ඨාසවලට වෙන් කර දී ඇති නම් ප‍්‍රකාශයට පත් කළ පසු පළාත් සභා ඡුන්ද විමසීම සිදු කළ යුතු වන්නේය.
එහෙත් සමාලෝචන කමිටුව විසින් සිය වගකීම් ඉටු නොකිරීම හේතුවෙන් දැනට නිල කාලය අවසන් වී ඇති පළාත් සභා සඳහා ඡුන්ද විමසීමේ හැකියාවක් නොමැති බැවින්, ජනතාවගේ ඡුන්ද බලය ලබාදීම පිණිස පවත්නා නීතිය ප‍්‍රකාරව ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් දිගින් දිගටම කරන ලද ඉල්ලීම ද සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම අතිගරු ජනාධිපතිතුමන් විසින් තීරණය කරන ලදී.
ඒ අනුව එලෙස සමාලෝචන කමිටු වාර්තාව අතිගරු ජනාධිපතිතුමන් වෙත නීති ප‍්‍රකාරව ඉදිරිපත් කර නොමැති හෙයින් දැනටමත් සීමා නිර්ණ කමිටුව විසින් ලබා දී ඇති වාර්තාව පදනම් කරගෙන ප‍්‍රකාශයක් මගින් මැතිවරණ කොට්ඨාසවල නව අංක, මායිම් සහ මැතිවරණ කොට්ඨාසවලට වෙන් කර දී ඇති නම් ප‍්‍රකාශයට පත් කරමින් එකී සංශෝධිත පනතේ විධිවිධාන ප‍්‍රකාරව පළාත් සභා ඡුන්දයක් විමසීමේ හැකියාව මෙන්ම එසේ අදාළ සංශෝධන පනත යටතේ ඡුන්දය පැවැත්වීමට නොහැකි නම්, එකී සංශෝධනයට ප‍්‍රථම පැවැති නීතිය යටතේ පළාත් සභා ඡුන්ද විමසීම පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 129(1) ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට කටයුතු කරන ලදී.
ඒ අනුව, 2019.08.29 දිනැති ලිපිය මගින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් සිය ඒකමතික තීන්දුව ඉදිරිපත් කරමින්, සමාලෝචන කමිටු වාර්තාව නොමැතිව, සංශෝධිත පනතේ විධිවිධාන ප‍්‍රකාරව, අතිගරු ජනාධිපතිතුමන් විසින් ඡුන්දය පැවැත්වීම සඳහා සීමා නිර්ණ කමිටුව විසින් අමාත්‍යවරයා වෙත භාර දී ඇති වාර්තාවේ සඳහන් සීමා මායිම් ප‍්‍රකාශයට පත් කිරීමේ බලයක් අතිගරු ජනාධිපතිතුමන් සතු නොවන බවත්, එම හේතුව මත පළාත් සභා (සංශෝධන) පනත යටතේ පළාත් සභා ඡුන්ද විමසීමක් පැවැත්විය නොහැකි බවත්, අර්ථ නිරූපණ ආඥා පනතේ විධිවිධාන පරිදි අදාළ සංශෝධනයට පෙර පැවති නීතිය යටතේ ඡුන්දය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවත් දන්වා ඇත.

COMMENTS