2016 සහ 2017 වර්ෂවල ඇද හැලුණු වර්ෂාව සහ ගං වතුර ඩෙංගු ව්‍යාප්තියට බලපෑ බවත් එම වසංගතය ඉතාම කෙටි කාලයකින් මර්දනය කිරීමට අපට හැකියාව ලැබුණු...
2016 සහ 2017 වර්ෂවල ඇද හැලුණු වර්ෂාව සහ ගං වතුර ඩෙංගු ව්‍යාප්තියට බලපෑ බවත් එම වසංගතය ඉතාම කෙටි කාලයකින් මර්දනය කිරීමට අපට හැකියාව ලැබුණු බවත් එම අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. ඒ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පැසසුමට ලක් වූ බව ද සේනාරත්න මහතා පෙන්වා දෙයි.
පසුගිය කාලසීමාව තුළ ඩෙංගු මර්දන සහායකයන් 1500 ක් පමණ රාජ්‍ය සේවයට එක්වී ඇති බවත් දුමායන වැඩපිළිවෙල නිදි පරිදි ක්‍රියාත්මක වීම හේතුවෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය 90% ක් දක්වා පාලනය කරගැනීමට හැකි වී ඇති බවත් ඇමතිවරයා පවසයි. ජර්මන් රජයේ ආධාර යටතේ දුමායන යන්ත්‍ර 507 ක් පමණ ලැබී තිබේ.
තවදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා ප්‍රකාශ කළේ සාමාන්‍ය පෙළ අසමත් අයගෙන් මෙම පිරිස තෝරාගත් බවයි. ඒ සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් ලබාගැනීමට සිදු වූ බවත් විශාල පිරිසක් රැකියා විරහිතව සිටියදී මෙම රැකියා ලැබූවන් සතුටට පත්විය යුතු බවත් ඇමතිවරයා ප්‍රකාශ කරයි.
COMMENTS