ඒ අනුව 2019 එක්දින ලෝක කුසලාන තරගාවලිය දක්වා සිව්දින ටෙස්ට් තරග පිළිබඳව අත්හදා බැලීම් සිදුකිරීමට නියමිතය. එම කාලය තුළදී පැවැත්වෙන තරග කණ්...
ඒ අනුව 2019 එක්දින ලෝක කුසලාන තරගාවලිය දක්වා සිව්දින ටෙස්ට් තරග පිළිබඳව අත්හදා බැලීම් සිදුකිරීමට නියමිතය. එම කාලය තුළදී පැවැත්වෙන තරග කණ්ඩායම් දෙකම එකඟ වන්නේ නම් සිව්දින තරග වශයෙන් පැවැත්වීමට හැකියාව ලැබේ.
පළමු සිව්දින ටෙස්ට් තරගය ලබන දෙසැම්බර් 26 වැනිදා ආරම්භවීමට නියමිත අතර ඒ සඳහා දකුණු අප්‍රිකාවට සහ සිම්බාබ්වේ කණ්ඩායමට අවස්ථාව ලැබී තිබේ.
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පහළින් සිටින කණ්ඩායම් ප්‍රබල කණ්ඩායම් සමග තරග කිරීමේදී බොහෝවිට දින තුනකින් හෝ හතරකින් තරග අවසන් වීම හේතුවෙන් දින හතරේ ටෙස්ට් තරග යෝජනාව කරලියට පැමිණි අතර සිම්බාබ්වේ මෙන්ම මෑතකදී ටෙස්ට් වරම් හිමිවූ ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය සහභාගි වන තරග ද සිව්දින තරග වශයෙන් පැවැත්වීම ප්‍රමාණවත් වනු ඇති බවයි බොහෝ ICC නියෝජිතයන්ගේ අදහස වන්නේ.
COMMENTS