දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Election Commission prepares to hold PC polls
Homeප්‍රවෘත්ති

Election Commission prepares to hold PC polls

PropellerAds

ශ්‍රේ ෂ්ඨාධිකරණයේ තීන්දුව නිකුත් කිරීමෙන් පසු ඕනෑ ම මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින...

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වෙතින් අගමැතිට සුභ පැතුම්
ඉල්ලා අස් නොවන්නැයි රනිල් මහින්දගෙන් ඉල්ලයි !
මුස්ලිම් ඇමතිලා ඇමතිකම් බාරගන්නවද? නැද්ද? තීන්දුව හෙට?
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව නිකුත් කිරීමෙන් පසු ඕනෑ ම මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා බීබීසී සිංහල සේවයට පවසා තිබේ.

ඔහු මේ ප්‍රකාශය කර ඇත්තේ සීමා නිර්ණ වාර්තාව මෙතෙක් ඉදිරිපත් වී නොමැති වාතාවරණයක් තුළ පළාත් සභා ඡන්දය පැවැත්විය හැකි ද යන්න පිළිබඳව
ශ්‍රේෂ්ඨාධිකරණ මතය අගෝස්තු 30 වැනිදාට පෙර දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගවිනිසුරුවරයාට දැනුම් දී ඇති මොහොතකවීම නිසා ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයක් තැබීමට ද යන සැකය මතුවන බව දේශපාලන විචාරකයෝ කියති.

කෙසේවුවද, අගෝස්තු 23 වැනිදා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ජනපතිවරයාගේ මේ දැනුම්දීම සලකා බැලීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා ඇති මැතිවරණ කොමසාරිස්වරයා, "මෙතනදී අපට කරන්න දෙයක් නැහැ. අපිට ලැබෙන නියෝගයක් අනුව ඕනෑ ම මැතිවරණයක් පවත්වන්න අපි සූදානමින් ඉන්නේ.”යනුවෙන්ද පවසා තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති ප්‍රධාන ප්‍රශ්න වන්නේ,

(අ) 2017 අංක 17 පනත මගින් සංශෝධිත, 1988 අංක 2 දරණ පළාත් සභා මැතිවරණ පනතේ 13 සහ 14 වගන්ති ප්‍රකාරව සමාලෝචන කමිටුව මා හට ඔවුන්ගේ වාර්තාව ඉදිරිපත් කර නොමැති බැවින්, ජනාධිපතිවරයා වශයෙන් මා හට, සීමා නීර්ණ කමිටුව විසින් පළාත් සභා අමාත්‍යවරයාට ඉදිරිපත් කළ වාර්තාවට අනුකූලව නව මැතිවරණ කොට්ඨාශ, එහි සීමා සහ නම් ප්‍රකාශයට පත් කළ හැකි ද? බව.

(ආ) ඉහත සඳහන් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පළාත් සභා මැතිවරණය 2017 අංක 17 පනත මගින් සංශෝධිත, 1988 අංක 2 දරණ පළාත් සභා මැතිවරණ පනතට ප්‍රකාරව පැවැත්විය හැකි ද? යන්න.

එය ප්‍රකාශයට පත් කිරීමට බලයක් නොමැති නම් වත්මන් පනත අනුව පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වුවහොත් 2017 සංශෝධිත පනතට පෙර පැවති නීතිය අනුව පළාත් සභා මැතිවරණයක් පැවැත්විය හැකි ද? යන්නය.

නිල කාලය අවසන්වී ඇති පළාත් සභා 8:

සබරගමුව පළාත් සභාව - නිල කාලය අවසන්වී වසර 1යි මාස 10යි.

උතුරු මැද පළාත් සභාව - නිල කාලය අවසන්වී වසර 1යි මාස 10යි.

නැගෙනහිර පළාත් සභාව - නිල කාලය අවසන්වී වසර 1යි මාස 10යි.

මධ්‍යම පළාත් සභාව - නිල කාලය අවසන්වී මාස 10යි.

උතුරු පළාත් සභාව - නිල කාලය අවසන්වී මාස 10යි.

වයඹ පළාත් සභාව - නිල කාලය අවසන්වී මාස 10යි.

බස්නාහිර පළාත් සභාව - නිල කාලය අවසන්වී මාස 4යි.

දකුණු පළාත් සභාව - නිල කාලය අවසන්වී මාස 4යි.

පළාත් සභාවක නිල කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (ඉ)

ව්‍යවස්ථාව අනුව සඳහන් වන්නේ පහත පරිදිය.

'පළාත් සභාවක් කලින් විසුරුවා හරිනු ලැබුවහොත් මිස, එම පළාත් සභාවේ

පළමු රැස්වීම සඳහා නියම කරන ලද දින සිට අවුරුදු පහක කාලයක් එම

සභාව පවත්නේය. එකී පස් අවුරුදු කාලය ඉකුත්ව ගිය විට ම එම පළාත්

සභාව විසිර ගියාක් සේ සැලකෙන්නේය.'

ජනාධිපතිවරණය කවදා ද?

මැතිවරණ කොමිසමට අනුව ජනාධිපතිවරයාට 2019 ජනවාරි 8 වැනිදා සිට ඕනෑ ම මොහොතක ජනාධිපතිවරණය කැඳවිය හැකිය.

ජනාධිපතිවරයා තම ධුර කාලය සම්පූර්ණ කිරීමට තීරණය කළහොත් ජනාධිපතිවරණය නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතය.

2020 ජනවාර 08 වන දින ජනාධිපතිවරයාගේ නිල කාලය ඉකුත් වන හෙයින් නිසැක වශයෙන් ම මේ වසර අග භාගයේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදුව තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Election Commission prepares to hold PC polls
Election Commission prepares to hold PC polls
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi7BNcoy5dNLRZ5efigGTr60nx7peae3dsbi2iQLTi3XChHtZPD6IFnJr-CMso9mF_utwr2q2PGsDck8kmj7LAKAM4nDLus9js0ILqXiLvOx4lQhb0jUQ8K7wHQH9zBlgH2Oj47y7cimnip/s320/7c51cf1922327361cb5223077726df18_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi7BNcoy5dNLRZ5efigGTr60nx7peae3dsbi2iQLTi3XChHtZPD6IFnJr-CMso9mF_utwr2q2PGsDck8kmj7LAKAM4nDLus9js0ILqXiLvOx4lQhb0jUQ8K7wHQH9zBlgH2Oj47y7cimnip/s72-c/7c51cf1922327361cb5223077726df18_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/election-commission-prepares-to-hold-pc.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/election-commission-prepares-to-hold-pc.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy