ඉ දිරියේ දී මැතිවරණ කීපයක් පැවැත්වීමට නියමිතව ඇති හෙයින් ඉල්ලා අස් වීමට නොසිතන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සභා...
ඉදිරියේ දී මැතිවරණ කීපයක් පැවැත්වීමට නියමිතව ඇති හෙයින් ඉල්ලා අස් වීමට නොසිතන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඊයේ (09) ඉල්ලීමක් කර තිබේ. අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති හමුවක දී මෙම ඉල්ලීම කර ඇත.
එසේම ඉදිරි මැතිවරණ සඳහා සුදානම් වන්නැයි ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇති බව වාර්තා වේ.
මැතිවරණ නොපවත්වන්නේනම් තමන් ඉල්ලා අස් වන බව මහින්ද දේශප්‍රිය මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සේවය ඉදිරි මැතිවරණ සඳහා අත්‍යවශ්‍යයයැයි ද ඒ නිසා ඉල්ලා අස්වීමට සුදානම් නොවන්නැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

COMMENTS