ඉ ල්ලා අස්වූ මුස්ලිම් ආමාත්‍යවරුන්ට යළිත් අදාළ අමාත්‍යධූර බාරගන්නා ලෙසට පසුගියදා (08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවැති රැස්වීමේද...
ඉල්ලා අස්වූ මුස්ලිම් ආමාත්‍යවරුන්ට යළිත් අදාළ අමාත්‍යධූර බාරගන්නා ලෙසට පසුගියදා (08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවැති රැස්වීමේදී ජනාධිපතිවරයා ඉල්ලිමක් කළ බව මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා කියයි. කෙසේවුවද, හෙට (11) පැවැත්වීමට නියමිත හිටපු මුස්ලිම් අමාත්‍යවරුන් අතර සාකච්ඡාවෙන් පසුව එය තීන්දු කිරීමට නියමිත බවද ඔහු කියා සිටී.
පසුගියදා ජනපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවට මුස්ලිම් කොංග්‍රසයේ නායකයාට අමතරව, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුයුදීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අමීර් අලී, අබ්දුල් මහරූෆ්, සහීර් මවුලානා, ෆයසල් කාසීම් හා එම්.අයි.එම්. මන්සූර් යන අයද සහභාගිවී ඇත.
ඥානසාර හිමිගෙන් කරදරයි
මේ අතර, එම සාකච්ඡාවේදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩත්තේ ඥානසාර හිමිගෙන් මුස්ලිම් ප්‍රජාවටත්, ජමියතුල් උලමා සංවිධානයටත් පීඩා ඇතිව ඇතැයි පවසා ඇතැයි මවුබිම වාර්තා කර තිබේ.
උන්වහන්සේ සම්බන්ධයෙන් යම් පියවරක් ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇති බවද එහි දැක්වේ.
ඇමතිධූර ගන්නවාට වඩා රටේ සාමය සහජීවනය වැදගත් - බදියුදීන්
කෙසේවුවද, ඇමතිධූර ලබා ගැනීමට වඩා තමන්ට රට වැදගත් බවත්, රට තුල සාමය, ආරක්ෂාව, සහජීවනය ඇතිකිරීමට කටයුතු කිරීම වෙනුවෙන් තමන් මේ මොහොතේ කැපවන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අදාළ සාකච්ඡාවෙන් පසුව පවසා තිබිණි
"මේ රට තුළ සහජීවනය සාමය තිබිය යුතු නිසයි අපි සියලු දෙනා ඒ මොහොතේදී අමාත්‍ය ධූරවලින් ඉවත්වුනේ. අපිට ඇමතිකම්වලට වඩා මේ රට වටිනවා. හදිසිනීතිය තිබුනත් දැනටත් ඒවා නොතකා ඇතැම් පිරිස් සීමාව ඉක්මවා කටයුතු කරනවා, කඩාකප්පල් වැඩ කරනවා. සියලු දෙනාටම නීතිය එකලෙස වෙන්න ඕන කියලයි අපි කියන්නේ.
මේ ත්‍රස්ත ක්‍රියා සදහා ගෑවුනු සෑම සියලුදෙනාවම හොයල බලල දඩුවම් කරන්න ඕන. අහිංසක මිනිස්සුන්ට හිරිහැර වෙන එක නතරකරන්න ඕන. මේ රටේ සහජීවනය සාමය කඩාකප්පල් කරන පිරිසක් තමන්ගේ රාජකාරී ඒ ආකාරයෙන්ම කරගෙන යනවා. ඒ අය ගැන මේ රටේ කවුරුත් කතාකරන්නෙවත් හොයල බලන්නෙවත් නැහැ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS