න ව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සිය කනස්සල්ල පල කරතිබුනා. ඒ සම්බ...
නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සිය කනස්සල්ල පල කරතිබුනා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය වන අලෙයිනා බී. ටෙප්ලෙට්ස් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුනේ යුධ හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි සැලකිල්ලෙන් පසුවන බවයි'
ඒ අනුව අදාල ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළේ තානාපතිනිය තම රාජ්යතාන්ත්රික සීමා නොසලකා හරිමින් සහ වියානා සම්මුතිය උල්ලංඝනය කරමින් තම වහල් රාජ්‍යයක ආණ්ඩුකාරවරයාට නියෝග පනවන ආකාරයට සිදු කළ මෙම ප‍්‍රකාශයට දැඩි විරෝධය ප්‍රකාශ කරන බවයි.
ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මෙලෙස කරුණු පැහැදිළි කර තිබුණා.
අද දින ට්විටර් පණිවිඩයක් මගින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විසින් ශ්‍රී ලංකා රජයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසමින් ප්‍රකාශයක් නිකුත්කොට ඇත. එම ප්‍රකාශය අනුව ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම මගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව අපකීර්තියට පත් වේ. එයට හේතුව ලෙස ඇය කියා සිටින්නේ නව හමුදාපතිවරයාට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව චෝදනා එල්ල කොට තිබීමය.
ඇය විසින් තම රාජ්යතාන්ත්රික සීමා නොසලකා හරිමින් සහ වියානා සම්මුතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් තම වහල් රාජ්‍යයක ආණ්ඩුකාරවරයාට නියෝග පනවන ආකාරයට සිඳු කළ මෙම ප්‍රකාශය පිළිබදව අප දැඩි විරෝධය ඇය වෙත ප්‍රකාශ කරන අතර පහත සඳහන් කරුණු ඇයට මතක් කර දීමට කැමැත්තෙමු.
2015 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, ශ්‍රී ලංකාවේ හමුදාවට සහ එහි නායකයන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කළ OISL වාර්තාවට ප්‍රතිචාර දැක්වීමට හෙවත් චෝදනාවලට පිළිතුරු බැඳීමට ශ්‍රී ලංකාවේ රජයට සහ හමුදාවට පමණක් නොව එම ක්‍රියාවලිය පිළිබඳව කතා කිරීමට සෙසු රටවලට ද අවස්ථාවක් ලබා නොදුනි. ඊට හේතුව වූයේ ආචාර ධර්ම සහ ස්වාභාවික යුක්තියට පිටුපාමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් බලපෑම් එල්ල කිරීම ය.
ඉන් පසුව මානව හිමිකම් සමුළුව ‘අසූචි වලක්’ ලෙස හඳුන්වමින් එම ආයතනයෙන් ඉවත් වූ ඇමරිකා එක්සත් ජනපදයට එම ආයතනය විසින් ස්වාභාවික යුක්තියට පිටින් ඉදිරිපත් කළ චෝදනා උපුටා දැක්වීමට අද කිසිඳු සදාචාරාත්මක අයිතියක් ද නැත.
විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2019.08.19

COMMENTS