මුලතිව් - කේපාපිලව් හා සීනියාමෝට්ටේ ප්‍රදේශවලින් යුද හමුදාව ඉවත්වී එම ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට ලබා දීමෙන් පසුව නැවත් පදිංචියට පැමිණි ප්...
මුලතිව් - කේපාපිලව් හා සීනියාමෝට්ටේ ප්‍රදේශවලින් යුද හමුදාව ඉවත්වී එම ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට ලබා දීමෙන් පසුව නැවත් පදිංචියට පැමිණි ප්‍රදේශයේ වැසියන්ගේ ළිං සුද්ධ පවිත්‍ර කොට විෂබීජ නාශක යෙදීමේ කටයුතු මේ දිනවල යුද හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙයි.
යුද හමුදාව ඉවත් වී කේපාපිලව් ගම්මානයේ වැසියන්ට විශාල සහයක් ලබා දුන් නමුත් රජයේ නිලධාරීන් මෙම ගම්මානවල පොදු කටයුතු ඉටු කොට දීමට තවමත් උනන්දුවක් නොමැති බව ගම්වාසීන් විසින් යුද හමුදාවට දැනුම් දීමෙන් පසු මුලතිව් ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒ.ඩී.බී. රාජගුරු මහතාගේ මග පෙන්වීම යටතේ මෙම කටයුතු ආරම්භ කොට තිබේ.
මෙහිදී එම භූමිය පුරා ඇති ළිං 24 න් ළිං 12 ක් මුල් අදියරය යටතේ ප්‍රතිසංස්කරණය කොට පිරිසිදු කිරීම සිදු කොට ඇති අතර යුද හමුදාව මෙම ගම්මනවල සිටි කාලයේදී එම ළිං භාවිත කොට නොමැත.
යුදහමුදාව විසින් මුලතිව් කේපාපිලව් හා සීනියාමෝට්ටේ යන ගම්මාන වල ඉඩම් අක්කර 132ක් නිදහස් කොට මුලතිව් දිසාපතිවරිය වෙත බාර දෙන ලද්දේ පසුගිය දෙසැම්බර් මස 28 වෙනිදාය.
එම ඉඩම් වලින් අක්කර 113 ක් අයිතිකරුවන් වෙත බාරදී ඇතත් බලධාරීන් විසින් මෙම ගම්මානයේ පදිංචියට පැමිණි ජනතාවට සහන සැලසීමට මෙතෙක් ඉදිරිපත්වී නොමැති වීමෙන් යුදහමුදාව විසින් මෙම සත්කාර්ය ආරම්භ කොට ඇත.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS