පා ස්කු ඉරු දින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමා හෝ තමාගේ ආරක්ෂක අංශය කිසිඳු තොරතුරක් දැන නොසිටි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ...
පාස්කු ඉරු දින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමා හෝ තමාගේ ආරක්ෂක අංශය කිසිඳු තොරතුරක් දැන නොසිටි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (06) පස්වරුවේ පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින්.
එහිදී විටින් විට ජාතික ආරක්ෂක මණ්ඩලයේ දී මේ ගැන දැන ගන්න ලැබුණ බවත් පළමුවෙන්ම සිරියාවේ මැරණ පුද්ගලයෙක් ගැන ඡන්දයෙන් පසුව තොරතුරු ලැබුණ බවත් ඔවුන්ගේ තොරතුරු සොයැබැලීම සඳහා බුද්ධි අංශයට නියෝගය දුන් බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේ මෙලෙසින්.
‘‘විටින් විට ජාතික ආරක්ෂක මණ්ඩලයෙදී මේ පිළිබඳ විස්තර ලැබුනා. ඒ එක්කම මට සාමාන්‍යෙයන් සුමානෙට දෙපාරක් තුන්පාරක් නීතිය හා සාමය අමාත්‍යවරයාගෙන් වාර්තා ලැබුනා රාජ්‍ය බුද්ධි සේවාව ඒ අයට දෙන කරුණු කලින් කලට ආවෙ මෙහෙම අන්තවාදී ඉස්ලාම් සංවිධාන ISIS සංවිධානය සහයෝගය දෙන ඒ මතය දරණ පිරිස් හිටියා කියලා.
අපිට ඒ වගේම සාක්ෂි ආවා දැනුවත් කරා මම හිතන්නෙ පළමුවෙන්ම සිරියාවෙ මැරුණු එක පුද්ගලයෙක් ගැන. පුද්ගලයා මැරුණු අවස්ථාවෙ නෙවෙයි ලැබුනෙ. මම හිතන්නෙ අපි ඡන්දෙ කර කර හිටියෙ ජුලි මාසෙ. පසුව ලැබුනා අනිත් පුද්ගලයා මරණුවට පත්වුනාට පස්සෙ ඒ කරුණ අපිට දැනගන්න ලැබුනා.
කට්ටියක් සිරියාවට ගිහින් හිටියා පසුව ලංකාවට ඇවිල්ලා හිටියා. ඒ ගැන බුද්ධි අංශයට කිවුවා ඒ අය එක්ක කරුණු හොයලා බලලා සම්බන්ධ තියෙන ඒවයින් කරුණු හොයන්න කියලා. ඉතිං මෙහෙම කාලයක්ම මේ ගැන තොරතුරු ලැබුනා අපිට‘‘
මේ අතර ප්‍රහාරයට කලින් යවන ලද බුද්ධි තොරතුරු සම්බන්ධ ලිපිය පවා තමාට නොලැබුණ බවත් එය ආරක්ෂක අංශ වෙත ද නොලැබුණු බවද අගැමතිවරයා සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළ අතර කාරක සභා නියෝජිතයින් විසින් ප්‍රහාරයට පෙර දිනයේදී මේ ගැන තොරතුරු ලැබී තිබේදැයි අසා සිටිය දී අගමැති පවසා සිටියේ, මේ ගැන කිසිදු දැනුම් දීමක් හෝ දැනුවත් කිරීමක් තමා නොදන්නා බවත් අප්‍රේල් 21 වන දින මේ ගැන දැන ගත් බවත්යි.
‘‘මම ඉන්න කාලය තුලදි මේ අය විශේෂයෙන්ම මේ අය විශේෂයෙන්ම මෙහෙම අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාවක යෙදෙන එකක් අපිට අපිට ලැබුනෙ නැහැ. 2018 ඔක්තෝබර් මාසෙ වෙනකන් මට ජාතික ආරක්ෂක මණ්ඩලේ රැස්වීම් දැනුම් දුන්නා. සමහර ඒවාට මට සහභාගී වෙන්න බැරුවුනා. මම කොළඹ හිටියෙ නෑ. අනිත් ඒවට මම සහභාගී වුනා.
2018 දෙසැම්බර් මාසෙන් පස්සෙ එම කැඳවීමක් තිබුනෙ නෑ හොයලා බැලුවම මට ආරංචි වුනා පෙබරවාරි මාසෙදි මේ ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්වෙන්නෙ නෑ කියලා‘‘
එසේම මෙවැනි තොරතුරක් අගමැතිවරයාට නොලැබීම බරපතළ තත්ත්වයක් බවද අගමැතිවරයා පිළිගත් අතර අවසන් වරට පවත්වා ඇති රැස්වීම සඳහා පොලිස්පතිවරයා පවා කැදවා නොතිබුණු බවද අගැමතිවරයා ප්‍රකාශ කළා.

COMMENTS