ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරිපාලනය කිරීමට මෙරට සිටින සුදුසුම පුද්ගලයා තමන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටු සභාපති තිලංග සුමතිපාල...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරිපාලනය කිරීමට මෙරට සිටින සුදුසුම පුද්ගලයා තමන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටු සභාපති තිලංග සුමතිපාල මහතා පවසා සිටියි.
ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (01) ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට සුදුසුම පුද්ගලයා මමයි. සමාජ 84න් 61ක්ම මාව යෝජනා කරලා ස්ථිර කරලා තියෙනවා. සාමාජිකයන්ගෙන් 80%ක් පමණ මට ලිඛිතව දන්වලා තියෙනවා සහයෝගය දෙනවා කියලා. ක්‍රිකට් ආයතනය බිලියන 5ක් පමණ ණය තිබුණා. එම ණය ප්‍රමාණය ගෙවලා අපි දැන් බිලියන 2ක පමණ සංචිතයක් පවත්වාගෙන යනවා. අපේ මුල්‍ය ශක්තිය ඉතාමත් හොදයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ශක්තිමත්ව මුල්‍ය ශක්තිය තියෙන්නේ අපිට.”
COMMENTS