ත ව මාස කීපයකින් එකට වැඩ කළ හැකි ජනාධිපති වරයෙක් හා අගමැති වරයෙක් එකම දේශපාලන කඳවුරකින් පත් වන බවත් ,ඉන් පසු කඩා වැටී ඇති අප රට යළි ගොඩ නැග...
තව මාස කීපයකින් එකට වැඩ කළ හැකි ජනාධිපති වරයෙක් හා අගමැති වරයෙක් එකම දේශපාලන කඳවුරකින් පත් වන බවත් ,ඉන් පසු කඩා වැටී ඇති අප රට යළි ගොඩ නැගීමට පසු බිම සැකසෙනු ඇති බවත් ,විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය .
” යහ පාලනය ” නිසා රටට සිදු වී ඇති විනාශය සුලු පටු නොවන බව කී ඒ මහතා ,එයින් පොදු ජනයාගේ හිසේ – කුසේ දෙකේම මේ වන විට ගිනි ඇවිලී ඇතැයි ද සදහන් කළේය .
ඒ මහතා එසේ කීවේ ,ඉකුත් 3 ,4 දින වල දෙනියාය -පරගල- හා පල්ලේගම ප්‍රදේශවසින්ගේ ආරාධනයෙන් පැවති සුහද හමු කීපයකට සහභාගී වෙමිනි .
එහිදී හෙට්ටිගේ මහතා මෙසේ ද කීය .
රටට සිදු වී තිබෙන විපැත්තිය ගැන රට වැසියන් හොඳ අවබෝධයකින් සිටින්න ඕනෑ .මිනිස්සු වැඩි දෙනා කියන්නෙ ” රට ඉවරයි – මේ පාලකයන් අපි ව නැති කළා ” කියල .ඒක හරියට හරි .2005 මහින්ද රාජපක්‍ෂ මහත්තය චන්ද්‍රිකා මහත්මියගෙන් ගත්තෙ අයාලේ ගිය ,යුධ ගිනි ඇවිලෙමින් තිබුණ රටක් . ත්‍රස්තවාදය නැති කරල සංවර්ධනය ඉහළට ගෙන ගිය ,සාමකාමී රට මහින්ද රාජපක්‍ෂ මහත්තය 2015 ජනවාරි 8 ” යහ පාලනයට ” බාර දුන්න .
අද මොකද වෙලා තියෙන්නෙ ?හොඳට තිබුණ හැම අංශයක් ම විනාශ කරලා .මේ ආණ්ඩුව හදපු අයම ආණ්ඩුවට සාප කරනවා .දැන් රටේ – තොටේ නිදහසේ යන්න එන්නත් බෑ .කොටි ත්‍රස්තවාදය තිබුන කාලෙවත් මෙහෙම වුනේ නෑ .
එදා ආර්ථික සංවර්ධන වේගය 7.3 % යි .අද 3 % ට වැටිලා .මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තුමාගේ නායකත්වයෙන් එදා ගෝඨාභය මහතා බැසිල් මහතා රට නැන්වීමට මනා දායකත්වයක් දුන්නා .ඒ අනුව රටට ආරක්‍ෂාව තිබුණා .ආර්ථිකය ශක්තිමත් වී මිනිසුන්ගෙ අතේ සල්ලි තිබුණා .ඒ නිසා හැමෝම එදිනෙදා වැඩ කර ගෙන සතුටින් හිටියා .අද මිනිස්සුන්ට කෝ ඒ සතුට ?රට හදන්න එහෙම වැඩ කළ අයට ආණ්ඩුව කළ හිරිහැර කවුරුත් දැක්කා .යහ පාලකයන්ගේ එකම ඉලක්කය වුනේ රට හැදීම නොව රාජපක්‍ෂ වරුන් සහ දක්‍ෂ රාජ්‍ය නිලධාරීන් හිරේ දැමීමයි .අවසානයේ රටත් විනාශ වී ඒ අයටත් දැන් යන එන මං නැති වෙලා .
රටක ආර්ථික ශක්තිය දුර්වල නම් සියල්ල දුර්වල වෙනවා .පවුලටත් ඒක බලපානවා .අපරාධ වැඩි වී සමාජය අවුල් වෙන්නෙත් ඒ නිසා .ඒකට ඇති එකම විසඳුම මරණ දඬුවම කියල හිතනවා නම් ඒක ලොකු වැරදීමක් .බුදු දහම කියන්නේ ප්‍රශ්නයට හේතුව සොයා ඊට විසඳුම් දෙන්න කියල .මේ ආණ්ඩුව රටේ කිසිම ප්‍රශ්නයකට එහෙම විසදුමක් දීල නෑ .මේ නායකයන්ට එහෙම හිතන්න පලල් දැක්මකුත් නෑ .
2015 න් පසු රට අනාරක්ෂිත කළ නිසා පිටස්තරින් මත් කුඩු ගලා ගෙන ආවා .ත්‍රස්තවාදයටත් ඉඩ හැදුනා .අන්තවාදය පෝෂණය වුණා .ආර්ථික ප්‍රශ්න නිසා මිනිස්සුන්ගෙ මානසික පීඩනය වැඩි වුණා .10 දෙනෙකුගෙන් 4 දෙනෙක් මානසික රෝගී තත්වයකින් පෙලෙන බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙනවා .මේ ආණ්ඩුව මේවට වග කියන්න ඕනෑ .
මහ බැංකු බැඳුම්කර කොල්ලයෙන් පමණක් දැනට රටට සිදු වී ඇති අලාභය රුපියල් කෝටි ලක්ෂයකට වැඩියි .මේ මොන අපරාධයක්ද ?ඒ අපරාධ කාරයන් නිදැල්ලේ .
හිරේ ඉන්න සමහර අපරාධ කාරයන් මරා දාන්න ඕනෑ කියල ජනාධිපති වරයා කියනවා .ඒකට ඉඩ දෙන්න බෑ කියල අගමැති වරයාගේ පැත්තෙන් විරෝද්ධය ඇවිත් .ඒකටවත් නායක දෙපලට එක තීරණයකට එන්න බැහැ .දෙන්න දෙපැත්තේ .මේ මහ විකාර රූපී ආණ්ඩුවක් .මේ පාලකයන් රටට කොපමණ අපරාධ කරලද ?දෙකෝටියකට අධික ජනතාව දුකට පත් කරලා .දැන් අපට දී තියෙන්නෙ හෙටක් නැති රටක් .මිනිසුන්ගෙ හිසේ කුසේ දෙකේම ගිනි ඇවිලිලා .එසේ නම් අනෙක් අපරාධ කාරයන් වගේම මේ පාලකයන් ද අපරාධ කාරයන් වෙන්නෙ නැද්ද ?මේ අයට ජනතා අධිකරණය මගින් දේශපාලන මරණ දඬුවම දෙන්න ඕනෑ .ඉදිරියේ එන ජනාධිපතිවරණය ඊට හොඳ අවස්ථාවක් උදා කරනවා .ජනතාව ඒ සඳහා පෙළ ගැසිය යුතුයි .මානව හිතවාදීන්ගෙන් යුත් ආණ්ඩුවක් හදා ගැනීමෙන් රට යළි ගොඩ ගන්න පුලුවන් .” යැයි ද හෙට්ටිගේ මහතා සඳහන් කළේය .

COMMENTS