ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සම්මේලනයේදී ගෙනා පළමු යෝජනාවෙන් මෙරට ව්‍යවස්ථාවේ සඳහන් ඒකීය යන වචනයත් පක්ෂ ව්‍යවස්ථාවේ තිබූ නොබැඳි ජාතීන්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සම්මේලනයේදී ගෙනා පළමු යෝජනාවෙන් මෙරට ව්‍යවස්ථාවේ සඳහන් ඒකීය යන වචනයත් පක්ෂ ව්‍යවස්ථාවේ තිබූ නොබැඳි ජාතීන් යන වචනයත් ඉවත් කර ඇති බව හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය 05 වැනිදා රාත්‍රියේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝසමිඳුන් අබියස පැවැති විශේෂ පූජාවකට සහභාගිවීමෙන් අනතුරුවය.
එ් සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා," ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සම්මේලනයේදී ගෙනා පළමු යෝජනාවේ මෙරට ව්‍යවස්ථාවේ සඳහන් ඒකීය යන වචනය හලලා තිබෙනවා. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා සහ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය ඇතුළු අපි සියලු දෙනාම එය ව්‍යවස්‌ථාවේ සඳහන් කර තිබුණා. ඒක දිගටම ආවා. නමුත් ඒකත් හලලා. මම දුටු අනික් කාරණය තමයි අපේ පක්‍ෂ ව්‍යවස්‌ථාවේ තිබුණු නොබැඳි ජාතීන් කියන වචනයත් එම යෝජනාවලින් හලලා තිබෙනවා. අපේ පක්‍ෂ ව්‍යවස්‌ථාවේ නොබැඳි රටක් නොබැඳි ජාතියක් වශයෙන් අපි ජාත්‍යන්තරය සමඟ කටයුතු කරන බව පැහැදිලිව සඳහන් වී තිබුණා. දැන් ඒකත් නැති පාටයි පේන්නේ." යි පැවසීය.
කුමන මොහොතක හෝ නව පක්‍ෂයක් පිහිටුවනු ලබන්නේදැයි මෙහිදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා කියාසිටියේ පල නොකියා පලා බෙදමින් මිනිසුන්ට පහර දී පලවා හැරියහොත් ඔවුන්ට යන්නට තැනක් තිබිය යුතු බවයි.
මෙම අවස්‌ථාවට එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ අනුරාධපුර දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. එම්. චන්ද්‍රසේන, ශෙහාන් සේමසිංහ, උතුරුමැද පළාත් සභාවේ අමාත්‍ය එච්. බී. සේමසිංහ, බස්‌නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය උපාලි කොඩිකාර හා අනුරාධපුර නගර සභාවේ හිටපු නගරාධිපති එච්. ජී. සෝමදාස යන මහත්වරු ද එක්‌වූහ.
COMMENTS