පොලිස්පතිවරයාගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කර පොලිස්පතිවරයා ලෙස පෙනී සිටිමින් කාන්තාවන් රැවටූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ...
පොලිස්පතිවරයාගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කර පොලිස්පතිවරයා ලෙස පෙනී සිටිමින් කාන්තාවන් රැවටූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර ප්‍රදේශයේ කාන්තාවක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ෂණයකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
මෙලස ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කර ඇත්තේ නවසීලන්තයේ සිටින වීරසේකර ආරච්චිගේ රජිත මධුශාන් වීරසේකර නමැති පුද්ගලයකු වන අතර ඔහු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
සැකකරු කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
COMMENTS