දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහ බැංකු අධිපතිකමට මහේන්ද‍්‍රන් පත් කරන්න ග‍්‍රාම සේවක සහතිකයවත් බලා නෑ !
Homeප්‍රවෘත්ති

මහ බැංකු අධිපතිකමට මහේන්ද‍්‍රන් පත් කරන්න ග‍්‍රාම සේවක සහතිකයවත් බලා නෑ !

PropellerAds

ර ටේ පවතින අයහපත් දේශපාලන සංස්කෘතිය රටට අනාගතයක් අහිමි කර ඇති බවත් ,මෙය ඉක්මනින් වෙනස් කර රටට ගැලපෙන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කර ගැනීමට...

මෛත්‍රීගේ පදවි ප්‍රාප්තියට සෝබන වැඩ බෑ
ඇමති බස් සංගම් මුලා කරයි? (VIDEO)
'තවුහිද් ජමාත්' ලේකම් බන්ධනාගරයට
ටේ පවතින අයහපත් දේශපාලන සංස්කෘතිය රටට අනාගතයක් අහිමි කර ඇති බවත් ,මෙය ඉක්මනින් වෙනස් කර රටට ගැලපෙන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කර ගැනීමට බුද්ධිමත් ජනතාව පෙරට ආ යුතු බවත් ,විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය.

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් පොදු ජනයාට අද වන විට ජීවත් වීමට සිදු වී තිබෙන්නේ දැඩි මානසික පීඩනයකින් බව කී ඒ මහතා ,ඒ නිසාම ඔවුන් මානසික හා ශාරීරික ලෙස පිරිහී ගිය අසරණ මිනිසුන් බවට පත් වී ඇතැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ ,කොටපොල – වරල්ල ප්‍රදේශවාසීන්ගේ ආරාධනයෙන් පැවැති සුහද හමුවකට සහභාගී වෙමිනි .
එහිදී ඒ මහතා මෙසේද කීය .

“ අද අප සිටින්නේ රට ම නන්නත්තාර වී ගිය කාලයක .ආරක්‍ෂාවක් කාටවත් නෑ .රටටත් එහෙමයි .ආර්ථික ප්‍රශ්න උග්‍රයි .ග්‍රාමීය ණය ගැති භාවය ඉහළ ගිහින් .ප්‍රශ්න වැලකින් ජනතාව වෙලී සිටිනවා .මහින්ද රාජපක්‍ෂ පාලන කාලයේදී සාමය සංහිඳියාව තිබුණා .ගෝඨාභය මහත්තය බැසිල් මහත්තය එදා වගකීම් බය නැතිව අර ගත් නිසා රටේ ඉදිරි ගමන ශක්තිමත් වුනා .පරයන්ට මහින්ද මහතා යටත් කර ගන්න බැරි වු නිසා එදා රටේ ස්වාධීනත්වය රැකුනා .රට ආරක්ෂා වී අනාගතයට ආලෝකය වැටුනා .මහින්ද රාජපක්‍ෂ මහත්තයට අප සදා ණය ගැති වන්නේ ඒ නිසා .එදා මිනිස්සුන්ගේ මුහුණු වල තිබුන සිනහව අද නෑ .බොහෝ දෙනාගේ දුක් බර හැඟීම් පේන්නෙ .

“යහ පාලකයන් ” මහ බැංකුවට සිංගප්පූරුවෙ මිනිහෙක් දා ගත්තා .පත්වීම දෙනකොට ග්‍රාම සේවක සහතිකයවත් බැලුව නම් ඒ පත් වීම දෙන්න බෑ .ඒ නිසා රටේ ආර්ථිකයට වූ හානිය කියන්න බෑ .ලෝකය හමුවේ අභිමානවත් ව තිබුන රට අද අන්ත අසරණ වෙලා .

“යහ පාලකයන් ” බලය අරන් රටට කර ඇත්තේ මොනවද ? .විකාර රූපී පණ්ඩිතයන් ,හොරුන් ,රාජ්‍ය දේපල කොල්ල කන්නන් නායකයන් වට කර ගත්ත .බුද්ධිමත් අය නැති වුණා .රට අරාජික වුණා .

රට කරවන්න ඕන උගත් බුද්ධිමත් ප්‍රායෝගික පිරිසක් .මේ ගැන කියන කොට පැරණි කතාවක් මතක් වෙනවා .

ඉන්දියාවේ ප්‍රාන්තයක එදා හිටිය විද්‍යා ධරයන් තුන් දෙනෙක් හා එවැනි උගත් කමක් නැති එහෙත් බුද්ධිමත් තවත් කෙනෙක් .මහා දැනුමක් ඇති මේ විද්‍යා ධරයන් තීරණය කළා වෙනත් දේශයකට ගිහින් රාජ්‍ය සේවයට එක් වී හොඳ වැටුපක් ගන්න .විද්‍යා ධරයෙක් නොවන නිසා මේ ගමනට බුද්ධිමතා එක් කර ගන්න පළමු විද්‍යා ධරයා අකමැති වුනා .” අපිත් එක්ක මෙතෙක් කල් හිටපු කෙනෙක් හැර දා යාම හොඳ නෑ ” කියා අනෙක් විද්‍යා ධරයන් දෙන්න ගේ මතය වූ නිසා හතර දෙනාම ගමන යන්න තීරණය කළා .

අතර මග රුක් සෙවනක් යට මේ හතර දෙනා ගිමන් හරින්න නතර වුනා .එතැන ඇට වර්ග ගොඩක් විසිරී තිබෙනු දැක ඒවා සිංහයකුගේ බවට විද්‍යා ධරයන් තිදෙනා සිය දැනුම අනුව තීරණය කළා .මේවා එක් කර පණ ඇති සිංහයෙක් හදන්න පුලුවන් කියල ඇට ගොඩ එකතු කළා .ඒ අනුව සිංහයෙක් නිර්මාණය වුනා .ඉතිරිව තිබුනේ ඌට ප්‍රාණය දෙන්න ජීව වායුව පිඹීම පමණි .
ඒ මොහොතේ ම බුද්ධිමතා අනතුර දැක ” අනේ ඔය වැඩේ නම් කරන්න එපා .ඌට පණ ආපු ගමන් අපිව විනාශ කරල දමාවි .” කියා කීප වරක් කීවත් විද්‍යා ධරයන් ඇහුවෙ නෑ .” කියන දේ අහන්නේ නැත්නම් ඔය ජීව වායුව පිඹින්න මං මේ රුක් ගහ මුදුනට ගියාට පස්සෙ ” කියමින් බුද්ධිමතා රුක් ගහේ මුදුනට නැග සිදු වන්නට යන විපැත්තිය බලා සිටියා .තුන් වැනි විද්‍යා ධරයා පිඹින ලද ජීව වායුවෙන් පණ ලැබුණු සිංහයා නැගිට විද්‍යා ධරයන් තිදෙනාම විනාශ කර යන්න ගියා .බුද්ධිමතා රුක්‌ ගස මුදුනේ සිට මේ වේදනාකාරී සිද්ධිය බලා සිටියා .

දැක්මක් නැති ප්‍රයෝගිකව හිතන්න බැරි පිරිසකට රටේ පාලනය බාර වූ විට සිදු වන්නේ විනාශයක් .අද අප රටට ඒ දේ සිදුවෙලා .මෙයින් ගොඩ එන්න ඕනෑ .මහින්ද මහත්තයගේ නායකත්වයෙන් යුත් කඳවුරෙන් ජනාධිපතිවරණයට ගෝඨාභය මහතා ඉදිරිපත් වීම රටට සුබ ලකුණක් .අප මිය යා යුත්තේ රටට ණය නැති අය හැටියට .මානව හිතවාදීන්ගෙන් පිරී ගිය දේශපාලන බිමක් සකස් කර ගන්න ඕනෑ .එහි පරම වගකීම පැවරෙන්නේ ජනතාවට යැයි ද හෙට්ටිගේ මහතා පැවසීය .

– Khmeedia


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහ බැංකු අධිපතිකමට මහේන්ද‍්‍රන් පත් කරන්න ග‍්‍රාම සේවක සහතිකයවත් බලා නෑ !
මහ බැංකු අධිපතිකමට මහේන්ද‍්‍රන් පත් කරන්න ග‍්‍රාම සේවක සහතිකයවත් බලා නෑ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEinErM73sPzXb4y8iLRtn7Bq2B1jdRCyEnFXF3hqBE_JVHTCWgP2yz24cJxbBj2DEcQmH1gbxAjHzERJdFAtx50ob7cNasPvrVAxkiS3iDwAPSmu9x7A6jfeT74Tzrt5LOAV33kpsQZX17p/s320/kumarasiri.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEinErM73sPzXb4y8iLRtn7Bq2B1jdRCyEnFXF3hqBE_JVHTCWgP2yz24cJxbBj2DEcQmH1gbxAjHzERJdFAtx50ob7cNasPvrVAxkiS3iDwAPSmu9x7A6jfeT74Tzrt5LOAV33kpsQZX17p/s72-c/kumarasiri.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_419.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_419.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy