2017 ජනවාරි 08 දිනට යෙදෙන ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සිය පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණ සැමරුම අනවශ්‍ය උත්සව සහ සංදර්ශනවලින් තොරව සැමර...
2017 ජනවාරි 08 දිනට යෙදෙන ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සිය පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණ සැමරුම අනවශ්‍ය උත්සව සහ සංදර්ශනවලින් තොරව සැමරීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද(16) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
මේ පිළිබඳව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව එදිනට 2017 අයවැය යෝජනා යටතේ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට හැකි ව්‍යාපෘති ආරම්භ කිරීම හා මහජනතාවට වඩාත් ඵලදායී ලෙස ප්‍රතිඵල අත්කර දිය හැකි සංවර්ධන වැඩසටහන් ආරම්භ කිරීම මෙයට සමගාමීව සිදු කරන ලෙසත් සියලු රාජ්‍ය ආයතනවලට උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබේ.
කෙසේ වෙතත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණ සැමරුමට උත්සව සංවිධාන කර ඇතැයි වාර්තා වේ.
COMMENTS