‘රටට හෙටක්’ සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. කළුකුම් මසුයි බතුයි තුන් වේලටම නොමිලේම දුන්නත් මේ ආණ්ඩුව නම් එ...
කළුකුම් මසුයි බතුයි තුන් වේලටම නොමිලේම දුන්නත් මේ ආණ්ඩුව නම් එපා එපාමයි
කළුකුම් මසුයි බතුයි තුන් වේලටම නොමිලේම ගෙදරටම ගෙනැවිත් දුන්නත් මේ ආණ්ඩුව දැන් ඉතින් ගෙදර යැවිය යුතුම බව මේ වන විට බහුතරයක් ජනතාවගේ තීරණය වී ඇත.
එම තත්ත්වය ආණ්‌ඩුව විසින් මැනවින් අවබෝධ කරගෙන සිටින බව ආණ්ඩුවේ වත්මන් හැසිරීම දෙස බලන විට පැහැදිලි ය.
2019 ජූනි මස 02 වැනිදා සිය මුහුණු පොතේ සටහනක් තබන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා ඇත්තේ රාජ්‍ය සේවය ගමට ගෙන යාමේ පළමු පියවර එදින සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් ආරම්භ කරන බව යි.
වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකා ධරණි තලය පාලනය කිරීමට පටන් ගත්තේ 2015 ජනවාරි මස 09 වැනිදා සිට එනම්, දින සියයේ ආණ්‌ඩුව පිහිටවූ දා සිට ය. එහෙත් ඔවුන්ට රාජ්‍ය සේවය ගමට ගෙන යාමේ පළමු පියවර තැබීමට මතක් වී ඇත්තේ බලයට පත්වී වසර හතරයි මාස හතරකුත් දින විසි හතරක් ඉක්ම ගියාටත් පසුවය.
ජොලියෙන් කාලය ගත කළ ආණ්ඩුවට මෙලෙස මේ ළඟකදි සිට හදිසියේ ජනතාව මතක් වී ඇත්තේ අන් කිසිවක් නිසා නොව ජනපතිවරණය කට උඩට පැමිණ තිබීම නිසාවෙනි. ඉඩම් ඔප්පු බෙදමින් සහනාධාර ලබා දෙමින් රස්සා දෙක තුනක් බෙදන ගමන් රස්සා ලොරි ගානට ලබා දෙන බව පතුරවමින් ආණ්ඩුවේ අය රට වටේම ඇවිදින්නේ හරියට හීනෙන් බයවී නින්දෙන් අවදි වූවකු කලබල වූ අයුරෙනි. ආණ්ඩුවේ මේ හදිසි කලබලකාරී ක්‍රියාකාරකම් ජනතාව දකින්නේ Artificial Activities ලෙසය.
මැතිවරණය ඉලක්ක කරගෙන රටපුරා මහා ගොඩනැගිලි විවෘත කිරීම් ද මේ දිනවල නිතර දකින්නට ලැබේ. ආණ්ඩුවේ මේ විවෘත කිරීම් නිසා සිදුවන්නේ ඔවුන්ගේ ප්‍රතිරූපය වර්ධනය වීමක් නොව, ඒ වෙනුවට සිදුවන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය ජනතාව අතර සදාතනික වීම ය. එබැවින් මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්‌ඩුව සමයේ ආරම්භ කරන ලද ඉදිකිරීම් සියල්ලම මැතිවරණයක් අබිමුව තිබියදී විවෘත කිරීම ද එක් අතකින් මහින්ද රාජපක්ෂ මහතාගේ අගය වැඩිවීමට හේතු වී ඇත.
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකෙරුණු Metro Housing Scheme ආරම්භ කරන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ උගත් කුපාඩි දේශපාලඥයින් විසින් මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව ජනතාව උසිගන්වා සිය ඡන්ද මඩිය තරකරගන්නා ලදි. එසේ කළ ඔවුන්ගේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා විසින් අගෝස්තු 01 වැනිදා මෙම නිවාස සංකීර්ණය විවෘත කිරීම මොනතරම් නම් හාස්‍ය ජනක කාරණයක් ද?
ආණ්‌ඩුව වෙස්සන්තර සේ බෙද බෙදා ගිය ද, කුමන ආකාරයේ Artificial Show පෙන්නුවද ජනතාව දැන් සිටින්නේ නියත වශයෙන්ම ආණ්ඩුව ගෙදර යැවිය යුතු ය යන මතයේ ය. එවැනි වටපිටාවක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා සිටීම පැයට කිලෝමීටර් දාහක පමණ වේගයෙන් එන කෝච්චියකට බෙල්ල තැබීම හා සමාන කටයුත්තකි. සජිත් ප්‍රේමදාස යනු දේශපාලන මෝඩයකු බව ඉතිහාසයේ ලියැවෙනු ඇත. මෙවර ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ශක්‍රයාගේ පතා වයිමා පැමිණිය ද ඔවුන්ට පරාජය නියත බව අවසන් වශයෙන් අවධාරණය කරනු කැමැත්තෙමි.
සරත් කලුගමගේ
සංවිධායක
රටට හෙටක් – සමාජ සත්කාරක වැඩසටහන

COMMENTS