නවසිලන්ත කම්කරු පක්ෂය නියෝජනය කරමින් ලෝකයේ ළාබාලතම අගමැතිවරිය ලෙස පසුගිය දා දිවුරුම් දුන් ජෙසින්ඩා ආඩෙන් ගේ මෙම තීරණය සඳහා අනෙක් පක්ෂව...
නවසිලන්ත කම්කරු පක්ෂය නියෝජනය කරමින් ලෝකයේ ළාබාලතම අගමැතිවරිය ලෙස පසුගිය දා දිවුරුම් දුන් ජෙසින්ඩා ආඩෙන් ගේ මෙම තීරණය සඳහා අනෙක් පක්ෂවල විවෙිචන අබිබවමින් ඈ නියෝජනය කරන නවසිලන්ත කම්කරු පක්ෂයේ සහයෝගය එකහෙළා ඈ වෙත ලැබී ඇති අතර ජනතාව ගංජා භාවිතා කිරීම සම්බන්ධව තම පෞද්ගලික මතය හෝ තම තීරණ පමණක් නොව සමස්ත රටේම ජනතාව ඒ සම්බන්ධව දක්වන අදහස දැන ගැනීමට අවශ්‍ය බැවින් මෙවැනි ජනමත විචාරණයක් පැවැත්වීමට තමන් තීරණයක් ගත් බව ඇය ප්‍රකාශ කර සිටියි.
ලෝකයේ බහුතරයක් රටවල ගංජා භාවිතය සම්පූර්ණයෙන් තහනම් වන අතර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව ස්පාඤ්ඤය, දකුණු අප්‍රිකාව ආදි රටවල් හී සීමිත හා තොරාගත් ස්ථානයන් හි විශේෂයෙන්ම කෝපි හල්වල ගංජා භාවිතය සදහා නීතිමය බාධාවන් අවම ය. එමෙන්ම ගංජා භාවිතය හා විකිණීම සඳහා නීතිමය බාධාවක් නොමැති රටවල් අතර උරුගුවේ ඉතා ප්‍රසිද්ධ ය.
ඖෂධ නිෂ්පාදනය සඳහා ගංජා භාවිතා කිරීමට නීතිමය අවසරය ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට ලෝකයේ බොහෝ රටවල අවධානය යොමු වී තිබේ. මේ අතර, නවසීලන්තයේ නව අගමැතිනිය ගංජා භාවිතය සම්බන්ධයෙන් රට තුළ පවතින නීතිමය සීමාකිරීම් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා ජනමත විචාරණයක් යෝජනා කිරීමෙන් පෙනී යන්නේ රටට බලපාන තීරණයක් ගැනීමට පෙර ඒ සඳහා ජනතාවගේ හඬට ඇහුම්කන් දීම නමැති ඉතාම වැදගත් ප්‍රජාතාත්ත්‍රික ලක්ෂණය ද වේ.
- හංසනී සම්පත්
COMMENTS