දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කතෝලික මන්ත‍්‍රීවරුන් එක්ව ගත් තීන්දුව මහින්ද කියයි
Homeප්‍රවෘත්ති

කතෝලික මන්ත‍්‍රීවරුන් එක්ව ගත් තීන්දුව මහින්ද කියයි

PropellerAds

පා ස්කු ඉරිදා  ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් ගරු කාදිනල් හිමිපාණන් ඉල්ලනවා. එම පරීක්ෂණය සිදු කළ යුතුයි. ඒකපාර්ශ්වික නොවන පරීක්ෂණයක් පවත්ව...

වැසි තත්ත්වයේ අඩුවීමක්
"මහින්ද - ගෝඨා රකින්න යහපාලන රජය සූදානම්" - සජිත්ගෙන් හෙළිදරව්වක්
ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරඹෙයි
පාස්කු ඉරිදා  ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් ගරු කාදිනල් හිමිපාණන් ඉල්ලනවා. එම පරීක්ෂණය සිදු කළ යුතුයි. ඒකපාර්ශ්වික නොවන පරීක්ෂණයක් පවත්වා සෑම දෙනාටම පිළිගත හැකි ලෙස වැරදි කරුවන් හඳුනාගෙන ඔවුන්ව අනිවාර්යයෙන්ම අධිකරණය ඉදිරියට ගෙන ආ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා ඒ බව පැවසූවේ මොරටුව මහනගර සභාවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම, කාර්ය මණ්ඩලයේ සේවකයින් ඇගයීම හා ඉඩම් ඔප්පු ලබා දීමේ උත්සවයට එක් වෙමිනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා,

අපේ කතෝලික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ආයතන ප්‍රධානීන් අද පෙරවරුවේ රැස්වී  තීන්දුවක් ගත්තා ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලීමට ස්වාධීන පරීක්ෂණ කොමිසමක් පත් කරන ලෙස ඉල්ලීමට. එමෙන්ම සාධාරණ පරීක්ෂණයක් පවත්වා මියගිය හා තුවාල ලැබූවන්ට සාධාරණ වන්දියක් ලබා දිය යුතුයි.

අපි අවුරුදු 30ක යුද්ධයක් අවසන් කර රටේ සංවර්ධනය ඇති කළා, ආර්ථිකය ගොඩ නැගුවා. නමුත් සමහරු කිව්වා අපි භාර දුන්නේ කඩා වැටුනු ආර්ථිකයක්ලු. මම මේ ළඟදී අහගෙන අගමැතිවරයා කියනවා කඩා වැටුනු කසිකබල් ආර්ථිකයක්ලු එතුමා භාරගත්තෙ. එතුමාලාගේ කාලයේ  මහ බැංකු වාර්තා කියෙව්වා නම් බලාගන්න තිබුණා අපේ කාලයේ විරැකියාව කොච්චර අඩුවුනාද එතුමන්ලාගේ කාලයේ කොච්චර වැඩිවුනාද කියලා. ඒ වගේම ඒ කාලයේ ආදායමයි මේ කාලයේ ආදායමයි බලාගන්න පුලුවන්. ආර්ථිකය අද බිමටම වැටිලා. අද ජනතාවට ජීවත් වීමට අමාරුයි. කඩේට, පොළට ගියාම බඩුවක් ගන්න දෙපාරක් හිතනවා. ඒ තරම් ජනතාව පීඩනයට පත් වෙලා. දැන් ජනාධිපතිවරණය ගැන කතා වෙනවා. යහ පාලනයෙන් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් දෙනවා කිව්වා. නමුත් පළාත් සභා ඡන්දය අවුරුදු ගණනකින් පවත්වා නැහැ. පළාත් පාලන මැතිවරණය ලබා ගන්න වසර 2 1/2  ක් සටන් කරන්න වුණා. එහි ප්‍රතිඵල දැක්ක නිසා මැතිවරණ කල් දානවා. අපේ කාලයේ එහෙම වුණේ නැහැ. අපි බය නැතුව මැතිවරණ පැවැත්වූවා. යුද්ධය අවසන් කලා. ආර්ථිකය ගොඩ නැංවූවා. ඒ නිසා මැතිවරණ පැවැත්වීමට අපට බයක් තිබුණේ නැහැ. අපි ජයග්‍රහනය කළා. 2015 වසරේ බොරු ප්‍රචාර ගෙනයමින් ජාත්‍යන්තරය හා NGO කාරයින් සමඟ එකතු වී අපිව පැරැද්දුවා. එහි වෙනස අද ජනතාවට පෙනෙනවා. ඒ කාලේ අණ්ඩු පක්ෂයේ සිට අපි කරපු වැඩ මොනවාද කියලා අපිට පේනවා. ඒ වගේම විපක්ෂයේ සිට ආණ්ඩුව කරන වැඩ දිහා අපි බලාගෙන ඉන්නවා. නමුත් කතාව විතරයි. මෙම ආණ්ඩුව කරපු දෙයක් නැහැ. අද හැම අංශයම කඩා වැටිලා. අධ්‍යාපනය කඩා වැටිලා, සෞඛ්‍ය කඩා වැටිලා සෞඛ්‍ය අමාත්‍යාංශයට විතර චෝදනා කාටවත් නැහැ.

අද එක්සත් ජාතික පක්ෂය තුළ ලොකු සටනක් ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමට. ලංකාව පුරාම පෝස්ටර් ගහලා. හැමදාම හැම පත්තරයකම පිටු ගණන් දැන්වීම් දානවා. මෙම දැන්වීම් වලට ගෙවන්නේ මෙයාලගේ බූදලෙන් නෙමේ.මේ රටේ ජනතාව බුලත් විටේ සිට ගෙවන බදු මුදල් මෙම දැන්වීම් සඳහා නාස්ති කරන්නේ. මේ රටට නැවත වෙනසක් අවශ්‍යයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ රටට ජාතියට ආරක්ෂාවක් නැහැ. කිසිම ජාතියකට ආරක්ෂාවක් නැහැ. මේ රටේ බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට තිබුණු අයිතිය නැති කලා. භීෂණය රට තුල ඇති වෙලා. කතෝලික ජනතාවට පල්ලියට යන්න නැත්නම්, බෞද්ධයාට පන්සලට යන්න නැත්නම්, හින්දු භක්තිකයාට කෝවිලට යන්න නැත්නම් , ඉස්ලාම් භක්තිකයාට පල්ලියට යන්න බැරිනම් මොකක් ද නිදහස. ඒ නිසා සියලු ජාතීන්ට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට ඇති අයිතිය ලබා දිය යුතු යැයි ද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

– MR media


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කතෝලික මන්ත‍්‍රීවරුන් එක්ව ගත් තීන්දුව මහින්ද කියයි
කතෝලික මන්ත‍්‍රීවරුන් එක්ව ගත් තීන්දුව මහින්ද කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEja_TjTgu-exPhN8b_zU1UevnGDDa6eo6iHrxLNcAxbJT0aDRtEB0BNpTikaWpdap_DGmvmAxwIB7kv8yJ8H82hryJ_Th_R3KKwfpMjv44WAvCf2VMc9tLBbI3MYyrUyFx-EMNI-5vJZBT9/s320/mahinda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEja_TjTgu-exPhN8b_zU1UevnGDDa6eo6iHrxLNcAxbJT0aDRtEB0BNpTikaWpdap_DGmvmAxwIB7kv8yJ8H82hryJ_Th_R3KKwfpMjv44WAvCf2VMc9tLBbI3MYyrUyFx-EMNI-5vJZBT9/s72-c/mahinda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_331.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_331.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy