හිටපු ජනාධිපතිතුමාගේවත්, හිටපු ආරක්ෂක ලේකම්තුමාගේවත්, අපේ රටේ සෙන්පතිවරුන්ගේවත්, සොල්දාදුවන්ගේවත් එක මයිල් ගහකට අත තියන්න මේ යහපාලන රජය ඉඩ...
හිටපු ජනාධිපතිතුමාගේවත්, හිටපු ආරක්ෂක ලේකම්තුමාගේවත්, අපේ රටේ සෙන්පතිවරුන්ගේවත්, සොල්දාදුවන්ගේවත් එක මයිල් ගහකට අත තියන්න මේ යහපාලන රජය ඉඩ නොතබන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පල කලේ ඊයේ (02) සැමට සෙවන යළි පිබිදෙන උදා ගම්මාන යටතේ නිවාස 35කින් සමන්විත 500 වැනි උදාගම්මානය සඳහා මුල්ගල තැබීමේ උත්සවයකට එක්වෙමිනි.
එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
“දැන් මිත්‍රවරුනි දේශද්‍රෝහී කියලා අපේ ආණ්ඩුවට ඇඟිලි දිගු කරන අතරතුර ඒ අය කියනවා රට සුරක්ෂා කරපු පුද්ගලයින්ව රකින්නේ නැහැ කියල. රණවිරු දඩයම ක්‍රියාත්මක කරන්න සැලසුම් කළේ අපි නෙවෙයි ජාත්‍යන්තර ප්‍රජාව. ජාත්‍යන්තර ප්‍රජාවේ කවුරු හරි අපේ රටට කිව්වොත් යුධ කාලයේ සිදු වූ යම් යම් සිදුවීම් පිළිබඳව හිටපු ජනාධිපතිතුමාව, හිටපු ආරක්ෂක ලේකම්තුමාව අපිට අවශ්‍යයි ජාත්‍යන්තර යුධ අධිකරණවලට ගෙනියන්න කියලා මම ඕගොල්ලන්ට පැහැදිලිවම කියනවා හිටපු ජනාධිපතිතුමාගේවත්, හිටපු ආරක්ෂක ලේකම්තුමාගේවත්, අපේ රටේ සෙන්පතිවරුන්ගේවත්, සොල්දාදුවන්ගේවත් එක මයිල් ගහකට අත තියන්න මේ යහපාලන රජය ඉඩ දෙන්නේ නැහැ. මොකද මොන දේශපාලන වාද භේද තිබුණත් අපිට අපේකම වැදගත්.”
COMMENTS