මෙවර සිරිපා වන්දනා සමය අදට යෙදෙන උදුවප් පොහොයෙන් ආරම්භ වීමට නියමිතයි. පැල්මඩුල්ල, ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරයේ සමන් දේවාලයේ තැන්ප...
මෙවර සිරිපා වන්දනා සමය අදට යෙදෙන උදුවප් පොහොයෙන් ආරම්භ වීමට නියමිතයි.
පැල්මඩුල්ල, ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරයේ සමන් දේවාලයේ තැන්පත් කර ඇති සාධාතුක කරඬුව ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ පිළිරුව හා දේවාභරණ රැගත් රිය පෙරහැර 03 කින් ශ්‍රී පාදස්‌ථානය වෙත වැඩම කීරිමට නියමිතය.
ශ්‍රී පාද ධර්ම මධ්‍යස්‌ථානය වෙත වැඩම කරනු ලබන සාධාතුක කරඬුව ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ පිළිරුව හා දේවාභරණ මාසයක් තිස්‌සේ වත්පිළිවෙත් ඇතිව පේවූ ත්‍රිවිධ හමුදා නිලධාරීන් විසින් වැඩම කරවනු ලැබේ.
එසේ රැගෙන යන දේව ආභරණ හා කරඬුව ශ්‍රී පාද උඩමළුවේදී ශ්‍රී පාදස්‌ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියන් ප්‍රධාන හිමිවරුන් විසින් තැන්පත් කොට බුද්ධ පූජාව තබා වත්පිළිවෙත් සිදු කළ පසු අද උදෑසන 5.00 ට පමණ හිරු උදාවත් සමඟ ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වේ.
මෙවර ශ්‍රී පාද සමය තුළදී පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්‌ෂාව සඳහා නල්ලතන්නියේ සිට ශ්‍රී පාද උඩමළුව දක්‌වා පොලිස් මුරපළ 3 ක් යොදවා තිබේ.
එසේම මෙයට සමගාමීව මාර්ග බාධක හා රථවාහන නිලධාරීන් ඇතුළු 1000 කට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බවද වාර්තා වේ.
COMMENTS