පවතින වැසි සහිත කාලගුණික තත්වයේ අඩුවීමත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට බලපා තිබූ ජල ගැලීම් තත්වයන් පහව ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන...
පවතින වැසි සහිත කාලගුණික තත්වයේ අඩුවීමත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට බලපා තිබූ ජල ගැලීම් තත්වයන් පහව ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගංගා ජල මට්ටම ද ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
දිස්ත්‍රික්ක 16කට බලපා තිබූ ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් එක්ලක්ෂ 6076 දෙනෙක් පීඩාවට පත්වූ අතර පුද්ගලයින් 61 දෙනෙකු තුවාල ලැබීය.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නිවාස 694ක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති අතර නිවාස 25,117ක් අර්ධ වශයෙන් හානියට පත්ව තිබේ.
COMMENTS