උ තුරේ ජනතාවට රනිල් මෛත්‍රි ආණ්ඩුව පිළිබදව මෙන්ම එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය පිළබදව තවදුරටත් විශ්වාසයක් නැතැයි මිනුවන්ගොඩ ප්‍ර...
උතුරේ ජනතාවට රනිල් මෛත්‍රි ආණ්ඩුව පිළිබදව මෙන්ම එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය පිළබදව තවදුරටත් විශ්වාසයක් නැතැයි මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල මහතා පෙන්වා දෙයි. පසුගිය දෙදින තුල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උතුරේ විශේෂ ප්‍රචාරක වැඩ සටහනක් ක්‍රියාත්මක කලහ.
ඒ බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදිය. පළාත් පාලන ආයතන වල ප්‍රධානීන් උතුරේ ගම් වලට ගොස් එම ගම් වැසියන් මුන ගැසී ඔවුන්ගේ අදහස් පක්ෂයට දැනුම් දීම මේ යටතේ සිදුවේ. ඒ අනුව පොදුජන පෙරමුණු රජයක් යටතේ උතුරු සංවර්ධනය සදහා සැලසුම් සකස් කිරීමට අපේක්ෂිතය.
ඒ අනුව තමන් පසුගිය සෙනසුරාදා සහ ඉරිදා පුනරින්, කිරංජි සහ ජයපුරම් යන ප්‍ර දේශවලදි එම ප්‍රදේශ වල ජනතාව හමුවූ බවත් බැසිල් රාපක්ෂ සහ නාමල් රාජපක්ෂ දෙදෙනා උතුරට එවැන්නැයි ඔවුන් දැඩි ලෙස ඉල්ලා සිටි බවත් අරංගල්ල මහතා පවසයි. ඒ දෙදෙනා පිළිබදව විශ්වාසය තැබිය හැකි බවත් උතුරු නැගෙනහිර සංවර්ධනය කලේ මහින්ද රාජපක්ෂ මහතා බවත් එම වැසියන් මෙහිදී සදහන් කලේ යැයි මිනුවන්ගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපති වරයා පෙන්වා දෙයි.
මෙම සංචාරය පිළිබද අදහස් දැක්වූ මිනුවන්ගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපති කුමාර අරංගල්ල මහතා මේ සේද කීවේය.
” අපි හමුවුනු බොහෝදෙනෙකුගේ ඉල්ලීම වුනේ ගමේ පාර හදලා දෙන්න ලයිට් දෙන්න , ජලය දෙන්න වගේ ඒවා. පහුගිය අවුරුදු හතර හමාරේ ආණ්ඩුව තමන්ගේ ගම් වලට කිසිම වැඩක් නොකල බව ඒ අය කිව්වා. දෙමළ ජාතික සන්ධානය වගේම ආණ්ඩුවත් තමන්ව රවටනවා කියන එක තමයි මේ ප්‍රදේශවල ගම් වැසියන්ගේ අදහස. ආයෙත් තමන්ගේ ගම් වලට වැඩක් කරගන්නනම් මහින්ද මහත්තයා එන්න ඕනෙ කියලා ඔවුන් අපට කිව්වා.
වැදගත්ම දේ තමයි. ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද මහත්තයාගේ පාර්ශවය දිනන බව ඔවුන් දැඩි ලෙස විශ්වාස කිරීම. කිරංජි වලදි හම්බවුනු යාපනයේ විශ්ව විශ්ව විද්‍යාලයේ තෙවනි වසරේ සිසුවෙකු මට කිව්වේ අපිට ඕනේ අපේ ගමේ සංවර්දනය කියලයි. ගම සංවර්ධනය කරන්නනම් මහින්ද මහත්තයාගේ ආණ්ඩුවක් ඔනේ බව ඔහු මට කිවුවා. පුනරින් වල පාසල් දැරියක් මට කිව්වා තමන්ගේ පාසලට මහින්දෝදය විද්‍යාගාරයක් වෙන්වෙලා තිබුනත් ආණ්ඩුව ඒක නතර කල බව. ඔවුන් ගේ එකම ඉල්ලීම නාමල් රාපක්ෂ හා බැසිල් රාජපක්ෂ මහත්වරු ගෙන්වා දෙන්නැයි මේ වැසියන් අපෙන් ඉල්ලා සිටියා. ඔවුන් ඒ ඉල්ලීම අපිට ඉදිරිපත් කලේ නාමල් අයියා සහ බැසිල් අයියා ගෙන්වා දෙන්න කියලයි. ඔවුන් දෙදෙනා ගැන ලොකු විශ්වාසයක් තියෙනවයි කියලා අපිට හමුවුනු උතුරේ වැසියක් කිව්වා. අපි ගාව ඒවා පටිගත කරලා තියෙනවා. ඒවා පක්ස නායකයන්ට ඉදිරිපත් කරනවා.
තමන් සමග මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නීල් ජයසේකර මහතා ඇතුළු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් මෙම සංචාරයට සහභාගීවූ බවද අරංගල්ල මහතා කීවේය.
– ප‍්‍රදීප් අනුර කුමාර

COMMENTS