පු ද්ගලයින් 250 කට අධික පිරිසකට මරු කැඳවමින් ඉකුත් පාස්කු ඉරිදා මෙරට සිදුවු බෝම්බ ප්‍රහාරයන්ට සම්බන්ධ අන්තවාදීන් සමග සම්බන්ධකම් පැවැත්වූ පු...
පුද්ගලයින් 250 කට අධික පිරිසකට මරු කැඳවමින් ඉකුත් පාස්කු ඉරිදා මෙරට සිදුවු බෝම්බ ප්‍රහාරයන්ට සම්බන්ධ අන්තවාදීන් සමග සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් පිරිසක් රැඳී සිටින බවට විශ්වාස කරන ස්ථාන 07ක් ඉලක්ක කර ගනිමින් ඉන්දීය ජාතික විමර්ශන ඒකකය, එරට කොයිම්බතුර් දකුණු දිග ප්‍රදේශයේ දී ඊයේ (12) විශේෂ මෙහෙයුමක් සිදුකර තිබෙනවා.
මෙම මෙහෙයුමේදී අවුරුදු 26 සිට 38 ක වයස් පරතරයෙන් යුත් සැකකරුවන් 07 දෙනෙකු එරට ජාතික විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ඉන්දියාව තුල ත්‍රස්ත ප්‍රහාර දියත් කිරීම සඳහා IS සංවිධානයට සාමාජිකයින් බඳවා ගැනීමේ ක්‍රියාවලියන් හි නිරතව සිටි අයවළුන් බවට සැකකරනු ලබන බවයි ඉන්දියාවෙන් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.
ඉකුත් මාසයේදී ISIS සංවිධානය ඉන්දියාව තුල සිය ප්‍රාන්තයක් පිහිටවූ බව නිල වශයෙන් නිවේදනය කරනු ලැබූ අතර කාශ්මිරයේදී එරට ආරක්ෂක අංශ සමග අවස්ථා කිහිපයකදීම ගැටුම් ද ඇතිකරගනු ලැබුවා.
ශ්‍රී ලංකාව තුල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් සිදුකළ ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන සහරාන් හෂීම් සමග ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සමීප මිතුරෙක් ලෙස කටයුතු කරනු ලැබූ ඉන්දීය ජාතිකයෙක් වන මොහොමඩ් අසාරුදින් සොයා මේ වන විට ඉන්දීය බුද්ධි අංශ විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඊයේ දිනයේදී ඉන්දීය ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ එක්ව සිදුකරනු ලැබූ විශේෂ සෝදිසි මෙහෙයුමේදී විද්යුත් උපකරණ රාශියක් සහ ඉස්ලාමිය රාජ්‍ය සංවිධානයට සම්බන්ධ ඉගැන්වීම් ඇතුලත් සඟරා සහ පොත් රැසක්ද සොයා ගැනීමට සමත්ව තිබෙනවා.
ඉන්දියාවේ නව දිල්ලි නුවර අවට ප්‍රහාර දියත් කිරීම සඳහා ඔත්තු බලමින් සිටි බවට සැකකරන ISIS සංවිධානයට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකුද පසුගිය කාල වකවානුවේදී එරට ජාතික විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගැනීමට සමත්වූ බව එරට මාධ්‍ය වාර්තා කර සිටියා.

COMMENTS