හි ටපු අමාත්‍ය රිෂාඩ් බදියුඩීන් සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහත්වරුන්ට එරෙහිව පැමිණිලි ගොනු කිරීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ...
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුඩීන් සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහත්වරුන්ට එරෙහිව පැමිණිලි ගොනු කිරීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සහ මහජන සම්බන්ධතා ලේකම් උපුල් කෝණාර මහතා කොළඹ කොටුව පොලිස් මූලස්ථානය වෙත පැමිණිමෙන් අනතුරුව මාධ්‍යවෙත මෙසේ අදහස් පල කලේය.
රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයාට එරෙහිව චෝදනා දාසයක් සහිත ඒ වගේම ඊට අදාළ සාක්ෂි අසූවක් ද සහිත පැමිණිල්ලක් අද අපි මෙම කමිටුවට ගොනු කිරීමට බලාපොරොත්තු වෙනවා. සාක්ෂි සහිත චෝදනා දාසය අතරේ රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයා තමන්ගේ පවුලේ අයගේ නමටත් ඒ වගේම තමන්ගේ පවුලේ සමාගම් වන මෙගා කන්ට්‍රක්ෂන් ඇන්ඩ් සප්ලයර් ලිමිටඩ් සහ ග්‍රීන් ෆාම් ලිමිටඩ් යන සමාගම් වල නමටත් මන්නාරමින් අක්කර 3000ක් අත්පත් කරගත් ආකාරය සියලුම ඔප්පු පිටපත් සමග අද දින අප පොලිසියට බාර දෙනවා.
ඒ වගේම එම ඔප්පු වල වටිනාකම අඩුවෙන් දාලත් මිලියන 240ක මුදලකට මේවා මිලදී ගත් බවයි ඔප්පු වල සඳහන් වන්නේ. සැබැවින්ම මෙම ඉඩම් මිලදී ගැනීමට ඊට වඩා මහා ධනස්කන්ධයක් වියදම් කළ බව පැහැදිලියි. 1990දී ෂොපින් බෑගයක එක ඇඳුමක් දාගෙන මන්නාරමින් පිටත් වෙච්ච රිෂාඩ් බදියුඩීන් කියන තරුණ කොලුගැටයා ට ඒ තරම් ධනය ලැබුනේ කෙසේ දැයි එතුමා රටට පැහැදිලි කළ යුතුයි. අඩුම තරමේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රචාරක දැන්වීමකට වත් සහභාගීවෙලා ද ? සතෙන් සතේ රුපියලෙන් රුපියල ඉතිරි කළ විදිය එතුමා රටට පැහැදිලි කළ යුතුයි.
2010 වසරේ උතුරු පළාතේ මන්නාරම් දිස්ත්‍රික්කයේ පාරවල් හදන්න මිලියන සියයක් ලබාගෙන පාරවල් හදන්නේ නැතුව සිය පවුලේ සමාගම් වලට එම මුදල් ලබා දුන් ආකාරයත් සාක්ෂි සහිතව අපි ඉදිරිපත් කරලා තියෙනවා.
ගංවතුර ආධාර විදිහට ලබාදුන්න මුදල් කොහොමද කැරකිලා තමන්ගේ සාක්කුවට දා ගත්තෙ කියන එකටත් සාක්ෂි සහිත චෝදනා අපි ඉදිරිපත් කරලා තියෙනවා. මේ සියල්ලටම අමතරව රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවේ සඳහන් චෝදනා වලට අදාල සාක්ෂි සියල්ලත් අද අප පොලීසියට බාර දෙනවා.
නමුත් මේ නඩු ඇසීමේ ක්‍රමය පිළිබඳව අපේ කිසිම ප්‍රසාදයක් නෑ. පැමිණිලි ලබාදීමට දී ඇත්තේ සතියයි. මාසයක් ඇතුළත නඩුව අහලා ඉවර කළ යුතුයි යැයි තීරණය කරන්නේ කවුද ? සැකකරුවන්. සැකකරුවන්ට එහෙම පැමිණිලි ලබාදීමේ කාල වකවානු නඩුවක් අසා ඉවර කරන කාල වකවානු තීරණය කිරීමේ හැකියාවක් නැහැ. අපේ රටේ අපරාධ නීතිය අනුව යම් පුද්ගලයකුට තියෙන අපරාධ චෝදනා ඕනෑම දවසක ගොනු කරන්නට පුළුවන් වගේම එයට කාල සීමාවක් නැහැ. ඒ වගේම සැකකරුවන්ට හැකියාවක් නැහැ නඩුවක් මසකින් අසා අවසන් කරන්න යැයි කියන්න. අපි හොඳටම දන්නවා ලංකාවෙ අපරාධ නඩුවක් අසා අවසන් කරන්නට අවුරුදු දහයක් පහළොවක් ගත වෙනවා. විශේෂයෙන් සියලු තොරතුරු පරිගණක ගත වී තිබුණ මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවුනේ දෙදිනක් පමණයි. වසර 4ක් ගත වෙලත් තාම චෝදනා ගොනු කරලා නැහැ. එවැනි පසුබිමක මාසයක් ඇතුළත මෙම චෝදනාවට ලක් වූවන් පිළිබඳ විභාග කර ඔවුන් වැරදිකරුද නිවැරදිකරුද යන්න මාසයක් ඇතුලත තීරණය කරන්න යැයි ඔවුන්ම දින වකවානු ප්‍රකාශ කිරීම ඇත්තටම විහිළු සහගතයි.
ඒ අනුව අපට පෙනී යනවා මේ කමිටුවත් මේ ක්‍රියාවලියත් රිෂාද් බදියුඩීන්ලගෙ අසාත් සාලිලගෙ වැරදි සෝදා පවිත්‍ර කරන කුණු ලොන්ඩරියක් බවට පත් වේවි කියන එක. නමුත් අප නැගූ චෝදනා සත්‍ය බව රට දැනගත යුතු නිසා අප නැගූ චෝදනාවන්ට අදාල සාක්ෂි සහිතව අද දින පොලීසියට භාර දීමට අප කටයුතු කරනවා.
මෙහිදී බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කල පිවිතුරු හෙළ උරුමය මහජන නියෝජිත කටයුතු ලේකම් උපුල් කෝනාර මහතා දැක්වූ අදහස්…
අප බස්නාහිර හිටපු ආණ්ඩුකාරවරයාට එරෙහිව කාරණා තුනක් යටතේ පැමිණිලි ගොනු කරනවා. නබිතුමාගේ නම කිව්වොත් මරාගෙන මැරෙන්න ලෑස්ති යැයි ඔහු වරක් ප්‍රකාශ කළා. එම ප්‍රකාශය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්ති පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ වගේම මෙම මරාගෙන මැරෙන ප්‍රකාශයෙන් පාස්කු ඉරුදින එවැනි ප්‍රහාරයක් එල්ල කල ත්‍රස්තයන්ට ද ලොකු අණුබලයක් ලැබුණා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේම දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි ලෙස අපි ඒවා දකිනවා. ඊට අමතරව මෙරට රාජ්‍ය ආයතන වලට වාහන මිලදී ගැනීමේ ක්‍රමවේදයෙන් බැහැරව ගිහිල්ලා ඔහුට හිතවත් එක්සෝටිස් කාර් සේල් ප්‍රයිවෙට් ලිමිටඩ් කියන ආයතණයෙන් වාහනයක් මිලදී ගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් ව්‍යාජ ලිපි ලේඛන යොදා ගනිමින් ඔහු වාහනය භාවිතා කර තිබෙනවා.
පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
– අරවින්ද අතුකෝරල

COMMENTS