දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිගේ නියෝගය නොතකා සක‍්‍රිය පොලිස් නිලධාරීන් පාස්කු බෝම්බ කමිටුවට කැදවයි.. කාත්තන්කුඩි OIC කමිටුව හමුවේ කට උත්තර නැතිවෙයි - (video)
Homeප්‍රවෘත්ති

ජනපතිගේ නියෝගය නොතකා සක‍්‍රිය පොලිස් නිලධාරීන් පාස්කු බෝම්බ කමිටුවට කැදවයි.. කාත්තන්කුඩි OIC කමිටුව හමුවේ කට උත්තර නැතිවෙයි - (video)

PropellerAds

කා ත්තන්කුඩි පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ එහි හිටපු ස්ථානාධීපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ විශේෂ තේරිම් කාරක සභාව හමු...

අධිකරණ බිමේ රන්ජන් තනිවේ.. එජාප මන්ත‍්‍රීන් කිසිවෙකු අධිකරණයට නොඑයි
හඬපට කුමන්ත‍්‍රණයට සිරිසේන හවුල්.. ආන්දෝලනාත්මක හඬපට එලියට !
Ranjan Ramanayake remanded
කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ එහි හිටපු ස්ථානාධීපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ විශේෂ තේරිම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නේය. එහිදී කාත්තන්කුඩි ජනතාව හිස් ආවරණ වලින් තොරව යතුරුපැදි පැදවීම සහ සහරාන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න කෙරුණි.

එලෙස යොමුකළ ඇතැම් ප්‍රශ්න හමුවේ කාත්තන්කුඩි පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා නිරුත්තර වන අයුරු දක්නට ලැබුණා.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමට පත්කළ විහේෂ තේරීම් කාරක සභාව අද පස්වන දිනටත් රැස්වූණා.

කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ ස්ථානාධිපති එම් පී කස්තුරිආරච්චි සහ එහි හිටපු ස්ථානාධිපති ආරියබන්දු වෙදගෙදර යන මහත්වරුන් අද කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා කැඳවා තිබුණි.

පසුගිය 2017 වසරේ මාර්තු 10 වන දින කාත්තන්කුඩි ප්‍රදේශයේ ෂූෆි මුස්ලිම්වරුන් හා සහරාන් අතර ඇති වු ගැටුමින් පුද්ගලයින් 9 ක් අත්අඩංගුවට ගැනීමට හැකි වු බවත් සහරාන් පලා ගිය බවත් කාත්තන්කුඩි හිටපු ස්ථානාධිපතිවරයා පවසයි.

කාත්තන්කුඩි පොලීසියේ හිටපු ස්ථානාධිපති ආරියබන්දු වෙදගෙදර මහතා පාස්කු දින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් මෙම අදහස් පළ කළේය.

සහරාන් ඇතුළු පිරිස තමා පෞද්ගලිකව හඳුනන බවත් පැවසු හිටපු ස්ථානාධිපති ආරියබන්දු වෙදගෙදර මහතා පැවසීය.

මාර්තු 10 වන දින විශාල ගැටුමක් ෂුෆි මුස්ලිම්වරුන් හා සහරාන් අතර ඇතිව තිබු බවත්, එය වාර්තා වී තමා ගොස් පුද්ගලයින් 9 ක් එදින හා පසු දින අත්අඩංගුවට ගත් බවත් පැවසු හිටපු ස්ථානාධිපතිවරයා, සහරාන් ඇතුළු විශාල පිරිසක් එනම් 150-200 ත් අතර පිරිසක් සිටි බවත් කියා සිටියේය.

සහරාන්, ඔහුගේ සහෝදරයා හා තවත් පුද්ගලයෙක් මෙම සිදුවීමත් සමඟ කාත්තන්කුඩි ප්‍රදේශයේන පලා ගිය බවත් හිටපු ස්ථානාධිපතිවරයා පැවසීය.

මෙහිදී සහරාන්ව අත්අඩංගුවට ඒ මොහොතේ පත් නොවීම ගැන අදහස් දැක්වු හිටපු ස්ථානාධිපතිවරයා කියා සිටියේ, වීඩියෝ දර්ශන මත පසුව ඔහුව සෙවු බවත්, ඒ මොහොතේ කලබල කළ අය පමණක් අත්අඩංගුවට ගත් බවත්ය.

සහරාන් ඇතුළු පිරිස ආයුධ පරිහරණය කළ එකම අවස්ථාව මෙය බව ද ඒ මහතා පවසා සිටිය දී කමිටු සමාජිකයින් කියා සිටියේ, මෙවැනි විශාල ව්‍යවසනයක් ගැන පැමිණිලි කරද්දිත් නිහඬව සිටියේ මන්ද යන්නයි.

ෂුෆි මුස්ලිම්වරුන් එදා පැවසු තත්ත්වයට පිළියම් සොයා තිබුණේ නම් අද දවසේ මෙවැනි විශාල අපරාධයක් වර්ධනය වන්න ඉඩ නොතිබීමට තිබුණු බව ද ඔවුන් හිටපු ස්ථානාධිපතියවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

ඒ කාලයේ දී නිකායන් අතර ගැටුම් තිබුණු බවත් සහරාන් වඩා ප්‍රචණ්ඩකාරීව හැසිරුණු බවත් පැවසු ඒ මහතා,2015 මහ මැතිවරණයට සහරාන්ගෙන් බලපෑම් එල්ල නොවු බව ද සඳහන් කළේය.

අත්අඩංගුවට ගන්න කියලා 2017 සහරාන්ව පැවසුවත් එවැනි දෙයක් සිදු නොවු නිසා මෙවැනි තත්ත්වයක් ඇති වු බව පිළිනොගන්නේ දැයි රවී කරුණානායක මහතා හිටපු ස්ථානාධිපතිවරයා පැවසීය.

සහරාන් ගෙවල් 120 ක් ගිනි තිබ්බා මුකුත් කරේ නෑ පසුව සහරාන්ව අල්ලන්න ගිය පොලිස් ස්ථානාධිපතිවරයාට මාරුවීමක් ලබා දුන් බව පිළිබඳ අසාද් සාලි මහතා සාක්ෂි දෙමින් පවසා ඇතැයි කමිටුව හිටපු ස්ථානාධිපතිවරයාගෙන් අසා සිටියේය.

එහිදී හිටපු පොලිස්පතිවරයා කියා සිටියේ, තමාගේ වසර 3 කාලය අවසන් බැවින් මාරු වීම හිමි වු නමුත් සහරාන් අල්ලන්න ගොස් එවැන්නක් සිදු නොවුන බවයි.

මෙහිදී අබ්දුල් රසික් සම්බන්ධයෙන් තොරතුරු දන්නේද යනුවෙන් සරත් ෆොන්සේකා මහතා ප්‍රශ්න කර සිටිමේ දී හිටපු ස්ථානාධිපතිවරයා නිහඬව සිටි නමුත් කිසිවක් ප්‍රකාශ කළේ නැත.

පසුව ඔහු එවැනි පුද්ගලයෙක් ගැන නොදන්නා බවත්, 2015 ජනාධිපතිවරණ සමයේ දී සහරාන් ගනු දෙනු කල කිසිවක් තමා නොදන්නා බවත් පැවසීය.

2014 – 2017 කලාපයේ ආරබිකරණය ගැන කැපී පෙනෙන වර්ධනයක් තිබු බවත් පැවසු මුස්ලිම් දේවස්ථානයේ ලේකම්වරයා කියා සිටියේ එය හිස්බුල්ලාගේ පාලන සමයේ සිදු වු බවත් යැයි ප්‍රශ්න කිරීමේ දි හිටපු ස්ථානාධිපතිවරයා කියා සිටියේ, ඔහු පමණක් එම පළාත පාලනය කල බවයි.

– adaderana


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිගේ නියෝගය නොතකා සක‍්‍රිය පොලිස් නිලධාරීන් පාස්කු බෝම්බ කමිටුවට කැදවයි.. කාත්තන්කුඩි OIC කමිටුව හමුවේ කට උත්තර නැතිවෙයි - (video)
ජනපතිගේ නියෝගය නොතකා සක‍්‍රිය පොලිස් නිලධාරීන් පාස්කු බෝම්බ කමිටුවට කැදවයි.. කාත්තන්කුඩි OIC කමිටුව හමුවේ කට උත්තර නැතිවෙයි - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjT08Yzc4-eNb1ijVqcqhykT06U9K5APA0lXTDTKYgaKBkTbs1gXMKuLsHEn56U649s3kaagXNfOlRv439FZMkKPIyyDXgFD_EmO23-PBPpQAwUGPYqbjl1h6c7-rqbPoMA4CxYGr0Jo1k-/s320/454578.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjT08Yzc4-eNb1ijVqcqhykT06U9K5APA0lXTDTKYgaKBkTbs1gXMKuLsHEn56U649s3kaagXNfOlRv439FZMkKPIyyDXgFD_EmO23-PBPpQAwUGPYqbjl1h6c7-rqbPoMA4CxYGr0Jo1k-/s72-c/454578.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/oic-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/oic-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy