පා ස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබඳව විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව (PSC) ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එම කමිටුව ඉදිරයට කැඳවීමට සා...
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබඳව විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව (PSC) ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එම කමිටුව ඉදිරයට කැඳවීමට සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන අය මේ කමිටුව ඉදිරියට කැඳවීමට කමිටු සාමාජිකයින් අතර සාකච්ඡාවක් පැවති බව නියෝජ්‍ය කථානායක සහ තේරීම් කාරක සභාවේ සභාපති ආනන්ද කුමාරසිරි මහතා ද මෝනිං පුවත් පතට පවසා තිබේ.
“අපි මේ සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් ගෙන නැහැ” යනුවෙන්ද එහිදී ඔහු පවසා ඇත.
අග්‍රාමාත්‍යවරයා කැඳවිය හැකි බවත්, ඊට පෙර කමිටුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන දෙදෙනාම කැඳවිය යුතු ද යන්න මුලින් තීන්දු කළ යුතු යැයිද ඔහු කියා සිටී.
පාර්ලිමේන්තු කාරක සභාවක් හමුවට ජනාධිපතිවරයා කැඳවිය හැකිද යන්න සොයා බැලිය යුතු යැයිද කුමාරසිරි මහතා සඳහන් කරයි.
කෙසේවුවද, කාරක සභාව බොහෝ දුරට ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ කැඳවනු ඇතැයි මේ කමිටුවේ සාමාජික ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර නලින්ද ජයතිස්ස මහතා තරයේ සඳහන් කරයි.
ඔහු සඳහන් කරන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හමුවට කැඳවිය හැකි බවයි.
අප්‍රියෙල් 21 ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරනු ලබන තේරීම් කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු අගමැතිවරයා කැඳවිය හැකි බව සනාථ කළ ද ජනාධිපතිවරයා කැඳවීමේ නීත්‍යානුකූලභාවය ගැන සැකයක් පවතින බව කියා සිටි බව ද මෝනිං අනාවරණය කරයි.
තේරීම් කාරක සභාවේ මීළඟ රැස්වීම ලබන අඟහරුවාදා (18) පැවැත්වේ.
කාත්තන්කුඩි වත්මන් හා හිටපු පොලිස් ස්ථානාධිපතිවරු එදිනට කමිටුව ඉදිරියට කැඳවීමට නියමිතය.
ඊට අමතරව කමිටුව කත්තන්කුඩි හි පිහිටි සුෆි (Sufi) සංවිධානයේ සභාපතිවරයා කැඳවනු ඇතැයි ද පැවසේ.

COMMENTS