මැලේසියානු අග්‍රාමාත්‍ය දාතුක් සෙරී මොහාඩ් නජීබ් බින් තුන් අබ්දුල් රසාක් මැතිතුමා දෙදින නිල සංචාරයක් සදහා අද(17) දින උදෑසන 8.35 ට පමණ කටුන...
මැලේසියානු අග්‍රාමාත්‍ය දාතුක් සෙරී මොහාඩ් නජීබ් බින් තුන් අබ්දුල් රසාක් මැතිතුමා දෙදින නිල සංචාරයක් සදහා අද(17) දින උදෑසන 8.35 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
මැලේසියානු අග්‍රාමාත්‍යවරයා සමග දූත පිරිස ලෙස 30 දෙනෙකු පමණ පැමිණ සිටි අතර, මෙයට පෙර දින වල එරට ඇමතිවරුන් 05 දෙනෙකු ද මෙම සංචාරය සදහා සහභාගි වීමට මෙරටට පැමිණ සිටිති.
අද දින මැලේසියානු අග්‍රාමාත්‍යතුමා ඇතුළු දූත පිරිස NR - 1 නැමැති මැලේසියාවට අයත් විශේෂ ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම පිරිස ශ්‍රී ලංකාවේ ගත කරන කාළය තුළ ජනාධිපතිවරයා ,අගමැතිවරයා ඇතුළු ඉහළ පෙලේ රාජ්‍ය නායකයින් හමුවීමට අදහස් කරන අතර, එහිදී 2020 වසරේ මැලේසියාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සදහා ඔවුන්ට ආරාධනා කිරීම ද සිදූ කිරීමට නියමිතය.
COMMENTS