ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එක් කිරීමේ තවත් උත්සාහයක් ලෙස ප්‍රධාන පෙළේ භික්ෂුන් වහන්සේ කිහිප නමක් සහ සිවිල් සංවිධාන කිහිපයක...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එක් කිරීමේ තවත් උත්සාහයක් ලෙස ප්‍රධාන පෙළේ භික්ෂුන් වහන්සේ කිහිප නමක් සහ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් පිරිසක් මැදිහත්වී යළිත් සාකච්ඡා වටයක් ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මෙම පිරිස පසුගිය සතියේදී හදිසි සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඒකාබද්ධ විපක්ෂයත් කමිටු දෙකක් පත්කළ අතර එම කමිටු දෙක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ නමුත් එය අසාර්ථක විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හවුල් ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව කියමින් ඒකාබද්ධ විපක්ෂය සාකච්ඡාවලදී දැඩි කොන්දේසියක් පැනවූ නමුත් ශ්‍රීලනිපයෙන් ඊට එකඟතාවක් පළ නොවීම එම සාකච්ඡා බිඳ වැටීමට ප්‍රධාන සාධකයක් වී තිබිණි.
COMMENTS