නිසි පරිදි නාම යෝජනා පත්‍රයක් සකස් කරගත නොහැකි පොහොට්ටු පක්ෂය රටට නායකත්වය දෙන්නේ කෙසේදැයි තමා ප්‍රශ්න කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර...
නිසි පරිදි නාම යෝජනා පත්‍රයක් සකස් කරගත නොහැකි පොහොට්ටු පක්ෂය රටට නායකත්වය දෙන්නේ කෙසේදැයි තමා ප්‍රශ්න කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රශ්න කර සිටී.
අමාත්‍යය සාගල රත්නායක මහතා මෙසේ ප්‍රශ්න කළේ දෙණියායේ ඉදිකිරීමට නියමිත ඇඳන් 500 කින් යුතු නව රෝහල සඳහා හඳුනාගෙන ඇති භූමිය පරීක්ෂා කිරීමට පසුගිය 15 වැනිදා එහි ගිය අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.
“අපේ දක්ෂිණ සංවර්ධන කටයුතු දැන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම හම්බන්තොට වරායේ කටයුතු අපි ආරම්භ කරන්න පටන් ගන්නවා. ඒ වගේම කර්මාන්තපුරයේ කටයුතු අපි පටන් ගන්නවා. ඒ වගේම වැලිගම චාලි මවුන්ට් කර්මාන්තපුරය ව්‍යාප්ත කරන්න ඉඩම් පවරා ගැනීම් කරනවා. මේ තුළින් රැකියා ඇතිවෙනවා වගේම විදේශ විනිමය අපේ රටට ගලා එන්නට පටන් ගන්නවා.
අපි සංචාරක ව්‍යාපාරය ආශ්‍රිතව ඉක්මනින් ප්‍රතිලාභ ලබා ගත හැකි ව්‍යපෘති විශාල ප්‍රමාණයක් ආරම්භ කරලා තියෙනවා. තවත් වැඩ ගොඩක් කරන්න තියෙනවා. නමුත් අපේ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ මූලික අරමුණ රැකියා ඇති කිරීම තුළින් ආර්ථිකය සංවර්ධනය කිරීමයි.
ඒ වගේම පලාත් පාලන මැතිවරණයේ පළවෙනි අදියරයේ නාමයෝජනා භාර දීමේ දී පොහොට්ටු පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම ගැන කතා කරන්න ඕන. බලයලත් නියෝජිතයා පැත්තක ඉද්දි වෙන කෙනෙක් නාමයෝජනා භාර දීලා. තව සමහර ඒවල නම ලියන්න බැරිවෙලා. සමහර ඒවාල අත්සන් කරන්න බැරිවෙලා. හරියට නාමයෝජනා පත්‍රයක්වත් පුරවා ගන්න බැරි අය තමයි මේ කට්ටිය. ඒ වැඩේවත් හරියට කරගන්න බැරි අයද මේ රටට නායකත්වය දෙන්න ඕන කියලා ඉල්ලන්නේ. මම අහන්නේ ඇත්තටම අයන්න ආයන්න නොදන්න නාම යෝජනාව හරියට හදාගන්න බැරි පක්ෂයක් කෙහොමද රටට වැඩක් කරන්නේ කියලයි.” යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS