පා ස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් එම අන්තවාදී ත්‍රස්තවාදී තර්ජනය දැන් අවසන් බවටත් අගමැති රනිල් වික...
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් එම අන්තවාදී ත්‍රස්තවාදී තර්ජනය දැන් අවසන් බවටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෑතකදී පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
මෙම ත්‍රස්තවාදී තර්ජනය මෙතනින් අවසන් යැයි කිසිවකු සිතන්නේ නම් ඔහු නොම්මර එකේ මෝඩයෙක් බවද ෆොන්සේකා මහතා කියා සිටියේය.
අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද වගකිව යුතු යයි ඔහු අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් විමසීම් කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඕනෑම පුද්ගලයෙකු කැඳවීමට බලය ඇති බවත් ඔවුන් නොපැමිණියහොත් එය නීතිවිරෝධී බවත් ඔහු පැවසීය.
මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ කැලණියේ දී පැවති උත්සවයකින් පසු මාධ්‍ය අමතමිනි.

COMMENTS