ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ මන්ත්‍රීවරයෙකු එක්සත් ජාතික පක්ෂයට යාම සඳහා සියලු ගනුදෙනු ගැන සාකච්ඡා කර අවසන් කර ගෙන ඇති බව වාර්තා වෙයි. බත...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ මන්ත්‍රීවරයෙකු එක්සත් ජාතික පක්ෂයට යාම සඳහා සියලු ගනුදෙනු ගැන සාකච්ඡා කර අවසන් කර ගෙන ඇති බව වාර්තා වෙයි.
බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවති සාකච්ඡාවක දී මෙම අවසන් එකඟතාවයකට පැමිණි බව දැනගන්නට ඇත.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග 60 අවුරුදු මිත්‍රත්වයක් ඇති මේ වන විට සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කරන වයස්ගත ඇමතිවරයෙක් සමග මෙම ගනුදෙනු කතාබහ කර තිබේ.
එජාපය පාර්ශවයෙන් මුලින් යෝජනා කර ඇත්තේ රුපියල් කෝටි 25ක් වුවද ශ්‍රීලනිප තරුණ මන්ත්‍රීවරයා අදහස වී ඇත්තේ තමනට කෝටි 50 ක් අවශ්‍ය බවයි.
නමුත් නැවතත් සාකච්ඡා මාර්ගයෙන් කෝටි 40ක් සදහා එකඟතාවකට පැමිණ ඇති අතර මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තු පාර්ලිමේන්තුවට ගෙන කැබිනට් ඇමැති ධුරයක්ද ලබා දීමට එකඟතාව පළ කර ඇත.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මෙම පිල්මාරුව සිදු ඇතැයිද වාර්තා වෙතැයි බලාපොරොත්තු විය හැක.
මෙම තරුණ මන්ත්‍රීවරයා එක් පාර්ලිමේන්තු සැසි වාරයකදී දෙවරක් ම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අයෙකි.

COMMENTS