එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වයට බොහෝ දෙනෙක් සිටින බව එම පක්‍ෂ නියෝජ්‍ය නායක රවි කරුණානායක මහතා පවසයි. රනිල් වික‍්‍රමසිංහ, කරු...
රනිල් වික‍්‍රමසිංහ, කරු ජයසුරිය, සරත් ෆොන්සේකා, සජිත්, රවී, ලක්‍ෂමන් කිරිඇල්ල, හරීන් ප‍්‍රනාන්දු, අකිල විරාජ් ආදී නම් ගණනාවක් ඇතැයිද ඇමතිවරයා කියයි.
නමුත් පක්‍ෂය විසින් අවසානයේ පුද්ගලයෙක් ඉදිරිපත් කරන බවත් මෙවර රාත‍්‍රි වැටුනු වලේ දවල් වැටෙන්න බැරි බවද ඒ මහතා සදහන් කරයි.
පරිණතභාවයක් ඇති, ව්‍යාපාරික හිතවත්කම් ඇති, රටක් ඉදිරියට ගෙන යන්න පුළුවන් අයෙක් ජනාධිපති අපේක්‍ෂක කල යුතු බවද ඔහු අවධාරණය කරයි.
මෙවර ඉදිරිපත් කරන ජනාධිපති අපේක්‍ෂකයා අඩුම තරමේ මෙරට සාමාන්‍යපෙල හෝ සමත් පුද්ගලයෙකු විය යුතු බවද කරුණානායක මහතා කියා සිටියේය.
COMMENTS