ඇසළ පොහොය සුද්ධෝදන ශාක්‍ය රජතුමාගේ අග මෙහෙසිය වන මහාමායා දේවිය කුස සිදුහත් කුමරු පිළිසිඳ ගත්තේ ඇසළ පුණු පොහෝ දිනකය.ගිහිගෙය අතහැර අභිනිශ්ක...
ඇසළ පොහොය සුද්ධෝදන ශාක්‍ය රජතුමාගේ අග මෙහෙසිය වන මහාමායා දේවිය කුස සිදුහත් කුමරු පිළිසිඳ ගත්තේ ඇසළ පුණු පොහෝ දිනකය.ගිහිගෙය අතහැර අභිනිශ්ක‍්‍රමණය කිරීම, ප‍්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම, ගණ්ඩම්බ රුක්ඛ මූලයෙහි දී තීර්ථකයන් දමනය කිරීම සඳහා යමාමහ පෙළහර පෑම, තව්තිසා දෙව්ලොවට වැඩ මාතෘ දිව්‍යරාජයාට විජම් බණ දෙසීම වැනි බුදු සිරිතේ ඉතා ඓශ්චර්යමත් සිදුවීම් සිදුවුණේ ඇසළ පුර පසළොස්වක දාය.රාහුල කුමරුන්ගේ උපත සිදුවී ඇත්තේ ද මෙදිනයි.
බුද්ධ පරිනිර්වාණයෙන්තෙමසකට පසු මහා කාශ්‍යප මහරහතන්වහන්සේ ප‍්‍රධාන රහතන්වහන්සේලා පන්සියයක් සහභාගීත්වයෙන් අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහනුවර වේහාර පර්වත මූලයෙහි දී ප‍්‍රථම ධර්ම සංගීතිය පවත්වා ඇත්තේ ද ඇසළ පෝ දාකය.ලංකාවේදී ප‍්‍රථම වස් සමාදානය සිදුවී ඇත්තේ ද මෙවැනි දිනකය. බු: ව: 847 දී කිත්සිරි මෙවන් රජු දවස කළිඟ රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් ගෙනෙන ලද දළදා ස්වාමීන්වහන්සේ පළමු වරට ප‍්‍රදර්ශනය කළේත් ඇසළ පොහෝ දවසකයි.
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සියම් රටින් උපාලි තෙරුන් ඇතුළු සංඝයා ගෙන්වා ලක්දිව උපසම්පදා කර්මය ඇතිකිරීම ද ඇසළ පෝදා විශේෂ සිදුවීමකි.කතරගම, දෙවිනුවර, මහනුවර, රත්නපුර, ඇම්බැක්කේ, අලුත්නුවර, බෙල්ලන්විල පෙරහැර පැවැත්වීම ද ඇසළ පෝය දා සිදුවේ.
COMMENTS