ජපානයේ සීමාවාසීක රැකියා පුහුණුව සදහා පිටත්වන පුහුණුලාභීන් 10ක් සදහා අවශ්‍ය ගුවන් ටිකට්පත් ඊයේ දින විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා ව...
ජපානයේ සීමාවාසීක රැකියා පුහුණුව සදහා පිටත්වන පුහුණුලාභීන් 10ක් සදහා අවශ්‍ය ගුවන් ටිකට්පත් ඊයේ දින විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අතින් ප්‍රදානය කරන ලදී.
මෙම පිරිස ජපානයේ පුහුණුව සදහා පිටත්වූ දෙවන කණ්ඩායම වන අතර මේ පිරිසට කෘෂි අංශයේ රැකියා පුහුණුව සදහා කාන්තාවන් තිදෙනෙකුද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා පුහුණුව සදහා පිරිමි ශ්‍රමිකයින් හත් දෙනෙකුද ඇතුළත් විය.
මෙම පුහුණුලාභීන් සදහා මාස 4ක කාලයක් කාර්යාංශයේ රත්නපුර පුහුණු මධ්‍යස්ථානයේ නේවාසිකව පුහුණුව ලබාදෙන ලදී. එහිදී ජපන් භාෂාව, ජපානයේ ජීවත්වන අයුරු, සංස්කෘතිය හා රැකියාව සම්බන්ධයෙන් අවශ්‍ය වන පුහුණුව ලබාදී තිබේ. එසේම ජපන් භාෂාව කතා කිරීමට හා ලිවීමට විශේෂ පුහුණුවක්ද ලබාදෙන ලදී. ඊට අමතරව ජපානයට ගිය පසු එහි රැකියාව ආරම්භ කිරීමට ප්‍රථම එක් මසක පුහුණුවක්ද ලබාදෙයි.
මොවුන්ගේ වලංගු වීසා කාලය වසර 2ක් වන අතර, මූලික අදියරේදී රු.180,000ක වැටුපක් මෙම පුහුණුලාභීන් සදහා ලබාදෙනු ලැබේ. කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු හැර වෙනත් කිසිදු මුදලක් කාර්යාංශය මගින් මෙම පුහුණු ලාභීන්ගෙන් අය නොකරයි.
මේ වන විට තවත් 60ට ආසන්න පිරිසක් රත්නපුර පුහුණු මධ්‍යස්ථානයේ ජපන් රැකියා සදහා පුහුණුව ලබයි. එසේම හාලිඇල, ගාල්ල, පන්නිපිටිය යන මධ්‍යස්ථානවල 150ට ආසන්න පිරිසක් ජපන් භාෂා ප්‍රවීනතා පුහුණුව (N4) ලබයි.
COMMENTS