පා ස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සජීවී විකාශනය කිරීමට කිසිවකුට නැවැත්ව...
පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සජීවී විකාශනය කිරීමට කිසිවකුට නැවැත්විය නොහැකි බව සභා නායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
පාර්ලිමේන්තුව ගත් මෙම තීරණයට සමහරුන් අභියෝග කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් බවද ඔහු සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් මීළඟ පාර්ලිමේන්තුවේදී තමන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් කතානායක වරයාට පැමිණිලි කරන බව ද ඔහු කියා සිටියේය.
මෙම සජීවී විකාශය කිරීමේ තීරණය ගත්තේ පාර්ලිමේන්තුවෙන් බවත් උත්තරීතර පාර්ලිමේන්තුව ගත් තීරණය කිසිවෙකුට වෙනස් කිරීමට නොහැකි බවත් ඒ තීරණයට කිසිවකු බලපෑම් කරන්නේ නම් එය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් බවත් ඇමති කිරිඇල්ල සඳහන් කළේය.

COMMENTS