ඩයසපෑම් (Diazepam) නැමති වෛද්‍ය අනුමැතියකින් තොරව නිකුත් නොකරන , රජයේ ඔසු සල් වලින් පමණක් පාලනයක් ඇතිව නිකුත් කරන බෙහෙත් පෙති තොගයක් සමග ඒ...
ඩයසපෑම් (Diazepam) නැමති වෛද්‍ය අනුමැතියකින් තොරව නිකුත් නොකරන , රජයේ ඔසු සල් වලින් පමණක් පාලනයක් ඇතිව නිකුත් කරන බෙහෙත් පෙති තොගයක් සමග ඒවා විදේශ ගත කිරීමට රැගෙන ආ නියෝජිතවරයෙකු ද ඊයේ (06) අපනයනය ගුවන් බඩු ගම්මානයේ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
2008 අංක 01 දරන මාධක ඖෂධ සහ මනෝවර්තක නීතිවිරෝධී ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මුති පනත යටතේ මෙම අත් අඩංගුවට ගැනීම රේගු නිලධාරීන් විසින් සිදු කර තිබේ .
දිගුකාලීනව දැඩි ලෙස පීඩා විදින රෝගීන් සදහා වෛද්‍යවරුන් නිර්දේශ කරන මෙම ඖෂධය භාවිතා කිරීමෙන් එම රෝගීන් වේදනා නාශකයක් ලෙස භාවිතා කරන බව රේගුව පවසයි .
39 හැවිරිදි වැල්ලවත්ත ප්‍රදේශයේ උප නියෝජිතවරයෙකු මගින් එක්සත් රාජධානිය වෙත යැවීම සදහා මෙම ඖෂධ පෙති තොගය පෞද්ගලික කූරියර් සමාගමකට භාර දී තිබුණි .
රේගු නිලධාරීන්ට ඇති වූ සැකය මත මෙම පාර්සලය විවෘත කර පරීක්ෂා කර බලත්දී මෙම ඖෂධ තොගය අනාවරණය වී තිබේ .
එම පාර්සලය තුළ මෙම ඖෂධ පෙති 120,000 ක් ඇති අතර , ඒවායේ මුළු බර කිලෝ ග්රෑම් 08 ක් බවත් , මෙම පෙති තොගයේ වටිනාකම රුපියල් 1,20,000 ක් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
සහකාර රේගු අධිකාරී සුමුදු ජයවර්ධන මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබූ අතර, රේගු අධිකාරීවරුන් වන ලාල් සිල්වා , ශාන්තප්‍රිය , සහකාර රේගු අධිකාරීවරුන් වන තිසර වීරසිංහ , කේ.කේ.එම්.සලීම් සහ එච්.ඒ.පී.එන්. ගුණවර්ධන යන මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති.
(කටුනායක ටී.කේ.ජී.කපිල )
COMMENTS