මොරගහකන්ද - කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට අදාළව දූෂණ වංචා අක‍්‍රමිකතා පිළිබඳ නිශ්චිත තොරතුරු කිසිවක් සාක්ෂි සහිතව ඇත්නම් ...
මොරගහකන්ද - කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට අදාළව දූෂණ වංචා අක‍්‍රමිකතා පිළිබඳ නිශ්චිත තොරතුරු කිසිවක් සාක්ෂි සහිතව ඇත්නම් ඒවා ඉදිරිපත් කිරීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇත.
පසුගිය ජූලි 23 වනදා කළු ගඟ ජලාශයේ රන් දියවර රැඳවුම් මංගල්‍යයේදී මෙම විශේෂ ඒකකය කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවට ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය අනුව මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව 011-2034159 දුරකථන අංකය සහ 011-2879976 ෆැක්ස් අංකය ඔස්සේ මේ පිළිබද සාක්ෂි සහිතව තොරතුරු දැනුම් දීමට හැකියාව ලැබෙන අතර ,අධ්‍යක්ෂ විමර්ශන, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය, සොබාදම් පියස, අංක 416/සී/1, රොබට් ගුණවර්ධන මාවත, බත්තරමුල්ල, යන ලිපිනයට පැමිණිලි යොමු කළ හැකිය.
රුපියල් කෝටි 23,000 ක වියදමින් කි‍්‍රයාත්මක වන මෙරට දැවැන්තම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද - කළු ගඟ ජලාශයේ ඉදිකිරීම් කිසිදු අක‍්‍රමිකතාවයකින් තොරව විධිමත්ව සහ කාර්යක්ෂමව නිමා කර එහි සියලූ ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාවයි.
COMMENTS