පුද්ගලයන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ වාද්දුව වෙරළ සාදය පිටුපස ප‍්‍රබල දේශපාලන හස්තයක් ක‍්‍රියාත්මක බවත් එහි බලපෑම මත මෙතෙක් කිසිදු සංවි...
පුද්ගලයන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ වාද්දුව වෙරළ සාදය පිටුපස ප‍්‍රබල දේශපාලන හස්තයක් ක‍්‍රියාත්මක බවත් එහි බලපෑම මත මෙතෙක් කිසිදු සංවිධායකයකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා කොළඹදී ඊයේ (7) පැවසීය.
මෙම වෙරළ සාදයට සම්බන්ධ දේශපාළඥයන්, සංවිධායකයන්, පොලිස් නිළධාරීන් ඇතුළු සියලූම දෙනාට එරෙහිව වහාම නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
‘‘වාද්දුව වෙරළ ආශ‍්‍රිතව පිහිටි සංචාරක හෝටලයක පසුගිය 4 වැනි දා පැවති සාදයකදී විෂ මත්ද්‍රවය භාවිතා කළ තරුණයන් සිව් දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව සිටිනවා. මේ සාදය සංවිධානය කරලා තියෙන්නේ අමිල පුෂ්පකුමාර සහ හර්ෂණ එරන්ද කියන පුද්ගලයන් දෙදෙනෙකු විසින්. ස්කයි ඇඩ්වටයිසින් සහ හෙවන් ගේට්ස් කියන ආයතන දෙකක් මගින් තමයි මෙම සාදය සංවිධානය කරලා තියෙන්නේ. මේ සඳහා තරුණයන් දෙදහසකට ආසන්න පිරිසක් සහභාගි වෙලා තියෙනවා. තරුණයන් සිව් දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව සිටිනවා. මේ මියගිය පුද්ගලයන් සිව් දෙනාගේම ශරීරයට විෂ ඇතුළු වී සියලූම පද්ධති අක‍්‍රිය බාවයට පත්විමෙන් මියගොස් ඇති බවට වෛද්‍යවරුන් සනාථ කරලා තියෙනවා.”
COMMENTS