මා තලේ කළුදෑවල ප්‍රදේශයේ පළමු පටු මගේ පිහිටි පුද්ගලික ඉඩමක තිබී ප්ලාස්ටික් හා යකඩ බටයක් ආධාරයෙන් පුපුරුවා හැරීමට සකස් කර තිබු කාල බෝම්බයක්,...
මාතලේ කළුදෑවල ප්‍රදේශයේ පළමු පටු මගේ පිහිටි පුද්ගලික ඉඩමක තිබී ප්ලාස්ටික් හා යකඩ බටයක් ආධාරයෙන් පුපුරුවා හැරීමට සකස් කර තිබු කාල බෝම්බයක්, ඩෙටනේටර් හතරක්, රතිඤඤා කරල් හයක් ඇතුළු තවත් ද්‍රව්‍ය රැසක් සොයා ගත් බව පොලීසිය පවසයි.
එම මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු විසින් සැක කටයුතු පාර්සලයක් පිළිබඳව පොලීසිය දැනුවත් කිරීමෙන් පසු එම ස්ථානයේ සෝදිසි කිරීමකදී හතරැස් යකඩ බටයක් තුළ පුපුරණ ද්‍රව්‍ය පුරවා ඩෙටනේටරයක් හා බැටරියක් ආධාරයෙන් සකස් කල බෝම්බයක් පුපුරවා හැරීමට සකස් කර තිබියදී සොයා ගෙන ඇති බවද මුලික පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.
එම බෝම්බය උකුවෙල යුද හමුදා කණඩායමක් විසින් නිෂ්ක්‍රිය කිරීමට පියවර ගෙන ඇත.
මෙහිදී ඇම්පියර් 12 බැටරියක්, කුඩා විදුලි පන්දමක්, රතිඤඤා කරල් හයක්, ඩෙටනේටර හතරක්, පුපුරණ ද්‍රව්‍ය කුඩු කිලෝග්‍රෑම් එකක්, සොයාගෙන ඇති බවද පොලීසිය කියයි.
මේ පුපුරණ ද්‍රව්‍ය කුමන කරුණක් සඳහා ගෙනවිත් දමන්නට ඇතැයි මෙතෙක් තහවුරුවී නොමැති අතර සැකකරුවන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන් නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලීසිය පරීක්ෂණ සිදුකරයි.
– ada

COMMENTS