මේ රටේ තේ, ගම්මිරිස් සහ කුරුදු ආර්ථිකය ඉකුත් එක්සත් ජාතික පක්ෂ රජය සමයේ හිටපු අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති නිසා විනාශ...
එස්.බි.දිසානායක මහතා එ බැව් කියා සිටියේ ගිනිගත්හේන ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක කටයුත්තකට සහභාගි වෙමිණි.
ඉකුත් රජය සමයේ රජයේ ඇමතිවරුන් දෙදෙනෙකු විසින් ඉන්දියාවෙන් බාල වාර්ගයේ තේ කොල මෙරටට ආනයනය කර ශ්‍රි ලංකාවේ තේ සමග මිශ්‍ර කර ශ්‍රි ලංකාවේ තේ නමින් යලිත් අපනයනය කල නිසා ශ්‍රි ලංකාවේ තේ ආර්ථිකය කඩා වැටුණු බවයි.
මෙරට තුල ගම්මිරිස් සදහා ලෝක වෙලදපොලේ හොද ඉල්ලුමක් තිබු බවත්, වියට්නාමයෙන් බාල වාර්ගයේ ගම්මිරිස් ආනයනය කර ශ්‍රි ලංකාවේ ගම්මිරිස් සමග මිශ්‍ර කර යලිත් අපනයනය කල නිසා ගම්මිරිස් ආර්ථිකයද කඩා වැටුණු බවයි.
ලෝක වෙලදපොලේ ශ්‍රි ලංකාවේ කුරුදු සදහා තාවමත් එකාධිකාරියක් පවතින බවත්, ඉන්දියාවෙන් බාලවර්ගයේ කුරුදු මෙරටට ආනයනය කර එයද යලි ශ්‍රි ලංකා නාමයෙන් අපනයනය කල නිසා කුරුදු සදහා තිබු ඉල්ලුමද මේ වන විට ඇඩු වි ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණයේදි කුමන ලාංජනයෙන් පැමිණයද ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණ තම ඉලක්කය කරා වේගයෙන් යා හැකි බවත් එස්.බි දිසානායක මහතා කියා සිටියේ .
– හැටන් රංජිත් රාජපක්ෂ
COMMENTS