ජ නාධිපතිවරණය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමුව තිබේ. 19 වන සංශෝධණය අනුව ප...
ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමුව තිබේ.
19 වන සංශෝධණය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සදහා යෝජනාවක් පාර්ලිමේන්තුවේ 2/3කින් සම්මත කිරීමට අපහසු තත්ත්වයක් මතුව ඇති නිසා ජනමත විචාරණයක් හරහා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ජනතාවගේ අවසර ලබා ගැනීමට ජනාධිපතිවරයාට ඉඩ ඇති බවද ඔවුන් අතර සාකච්ඡා වෙමින් ඇත.
මේ සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ද අදහස් පළ කළේය.
සම්පූර්ණයෙන්ම රට අරාජික වී ඇති නිසා මේ මොහොතේ කළ යුතු දේ හැකි ඉක්මනින් ජනමතවිචාරණයක් හා බලය ලබාගෙන පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීම බව ඔහු සදහන් කලේය.
එමෙන්ම දිගින් දිගටම මණ්ඩලය රැස් නොකර සිටි වුනොත් ව්‍යවස්ථානුකූලව අගමැති ධුරය අහෝසි වන බවත් ඉන් පසු නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවා නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයාට සිදු වන බවත් ඔහු කියා සිටියේය.
නමුත් පවතින පාර්ලිමේන්තු සංයුතිය මත නව ආණ්ඩුවක් පිහිටුවීම එතරම් සාර්ථක නොවන නිසා වඩා සුදුසුම දේ වන්නේ ජනමත විචාරණයක් හරහා බලය ලබාගෙන පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීම බව ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS