ඇමැතිවරයෙකුත් ගෑවිලා? උසාවි නියෝගයක්වත් නෑ... කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි පර්චස් 214ක කෝටි ගණනක් වටිනා ඉඩමක් ජාතික නිවාස සංවර්ධන...
ඇමැතිවරයෙකුත් ගෑවිලා? උසාවි නියෝගයක්වත් නෑ...
කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි පර්චස් 214ක කෝටි ගණනක් වටිනා ඉඩමක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් මරදාන පොලිසියේ නිලධාරීන් පිරිසක් කැටුව ගොස් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති පුවතක් වාර්තා වේ.
ඊයේ (19) පෙරවරුවේ මෙම සිදුවීම සිදුව ඇති බව දැනගන්නට ඇත.
මෙම ඉඩම 2006 වසරේදී එවකට මහින්ද රාජපක්ෂ රජයේ නිවාස ඇමැතිනිය වශයෙන් කටයුතු කළ ෆේරියල් අශ්රොෆ් මහත්මිය විසින් සුභෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සදහා කැබිනට් පත්‍රිකාවක් මගින් විදේශ ආයෝජකයෙකුට ලබා දී තිබූ එකක් වන අතර එහි විදේශ ආයෝජනය ව්‍යාපෘතියෙන් 70%කි.
නමුත් මෙම ආයෝජන ව්‍යාපෘතිය ඒ කාලය තුළ ආරම්භ වී නැත.
පසුව 2010 වසරේදී නිවාස අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විමල් වීරවංශ මහතා නැවත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම ඉඩම ආයෝජකයකු යටතට පත් කිරීමට අවසර ඉල්ලා තිබිණ.ඊටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදීමට අමාත්‍ය මණ්ඩලය පියවර ගෙන තිබිණ.
පසුව යහපාලන ආණ්ඩු සමයේ නිවාස අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා මෙම ව්‍යාපෘතියෙන් ආණ්ඩුවට ලැබීමට නියමිතව තිබූ හිග මුදල් පවා ඉන්දීය තානාපති කාර්යාලයේ මැදිහත් වීම මත ලබා ගැනීමට පියවර ගෙන තිබිණ.
ඒ අනුව පැවැති රජයන් තුනකින්ම මෙම ව්‍යාපෘතිය තහවුරු කිරීමට කටයුතු කොට ඇත.
නමුත් එසේ තිබියදී ඊයේ (19) පෙරවරුවේ මරදාන පොලිසියේ නිලධාරීීන් පිරිසක් සමග පැමිණ ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් බලහත්කාරයෙන් ඉඩමට ඇතුල් වී එය අත්පත් කර ගැනීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ් නීති විරෝධී කටයුතු සිදුවන බවටත්, මානව හිමිකම් උල්ලංඝනය වන බවටත් ජාත්‍යන්තරය හමුවේත්, ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේත් ලංකාවට එරෙහිව බරපතළ චෝදනා නගා ඇති අවස්ථාවක මෙවැනි අනීතික ක්‍රියාවන්ද සිදුවෙමින් පැවතීමය.
අනෙක් අතට රාජ්‍ය අමාත්‍යවරයකු බන්ධානාගාරවලට බීමතින් ඇතල් වී යකා නටා ඇති බවට ජාත්‍යන්තරය හමුවේ ලංකාව අපකීර්තියට පත්ව ඇති මොහොතක විදෙස් ආයෝකයන්ට සිදු කරන මෙවැනි අනීතික ක්‍රියා හේතුකොටගෙන ලංකාව කෙරෙහි විදෙස් ආයෝජකයන්ගේ ඇති විශ්වාසයද බිදවැටීමද වැළැක්විය නොහැක.
එමෙන්ම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රටෙන් පිටව ඇති මොහොතක ආණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරීීන් මේ ආකාරයට නීතිය අතට ගෙන ක්‍රියාකිරීම සම්බන්ධයෙන් දැනටමත් විශාල විරෝධයක් එල්ලවෙමින් පවතින ආකාරයක්ද වාර්තා වේ.
මෙම සිදුවීමට ආණ්ඩුවේ දේශපාලකයකුද සිටින බවට දැනට තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී රටට කරුණු ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බවද වාර්තා වේ.
උපුටා ගැනීම : mawratanews

COMMENTS