අනගාරික ධර්මපාල මැතිතුමාගේ 157 වෙනි ජන්ම දිනය දිනය මෙවර සැමරුවේ මාසයකට අධික කාලයක් වසා දමා තිබූ මත්පැන් අලෙවි සැල් විවෘත කර අරක්කු ව...
අනගාරික ධර්මපාල මැතිතුමාගේ 157 වෙනි ජන්ම දිනය දිනය මෙවර සැමරුවේ මාසයකට අධික කාලයක් වසා දමා තිබූ මත්පැන් අලෙවි සැල් විවෘත කර අරක්කු වලින් බව ජනහඬ සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළහ.
සෞඛ්‍ය අංශ රෝගය මර්ධනය කිරීම සදහා දැඩි කැපවීමෙන් කටයුතු කරන අවස්ථාවකදී මහජනතාවද විශාල කැපකිරීම් කරන මොහොතකදී මෙවැනි අදූරදර්ශී තීරණ ගන්නා පුද්ගයා කවුරුන්දැයි රටට හෙළිකළ යුතු යැයි උන්වහන්සේ කියා සිටිති.
රටපුරා නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබෙන මොහොතකදී තැබෑරුම් විවෘත කිරීමෙන් රජය බලාපොරොත්තු වන්නේ පස්වන රැල්ලක ආරම්භ වීමට අවශ්‍ය අඩිතාලම නිර්මාණය කිරීම බව ද උන්වහන්සේ පෙන්වා දෙති.
“රට රකින්න ජනබල ආණ්ඩුවක් පිහිටුවා ගත්තා. ඒත් දැන් රටේ ජනතාව අපෙන් අහන ප්‍රශ්නවලට අපිට උත්තර නෑ.“ ආනන්ද හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

COMMENTS