යා පනය, මනියම්තෝට්ටම් ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ කිතුණු දෙව් මැදුරක සුරුවමක් අද (17) අළුයම කිසියම් පිරිසක් විසින් කඩා දමා පලා ගොස් ඇති බවට ...
යාපනය, මනියම්තෝට්ටම් ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ කිතුණු දෙව් මැදුරක සුරුවමක් අද (17) අළුයම කිසියම් පිරිසක් විසින් කඩා දමා පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි. මණයම්තොට්ටම් මන්සන්ධියේ අදාල කිතුනු දේව ප්‍රතිමාව ඉදිකොට තිබූ අතර අද අළුයම එම ස්ථානයෙන් ගමන්ගත් ධීවරයින් පිරිසක් විසින් අදාල ප්‍රතිමාව කඩා විනාශ කර ඇති අයුරු දැක ඒ බව පොලීසියට දැනුම් දී ඇත.
අරියාලෙයි, මනියම්තෝට්ටම් ප්‍රදේශයේ මාර්ගයේ ගමන් ගන්නා කිතුනු බක්තිකයින්ගේ පූජා කටයුතු වෙනුවෙන් ඉදිකොට තිබූ කිතුනු මාතා සුරුවමක් සහිත දෙව් මැදුරේ කණ්නාඩිය කඩා ප්‍රතිමාව ඉවතට ගෙන විනාශ කොට එහි කැලී මාර්ගයේ දමා ගොස් ඇත බවටයි.
ප්‍රදේශයේ කිතුණු ජනතාව මහත් බැතියෙන් පුජා කටයුතු පැවැත්වු සුරුවමක් එලෙස කඩා දමා ඇති අතර, කිසියම් කඩාකප්පල්කාරි පිරිසක් මෙය සිදුකරන්නට ඇති බවටත් ඉතා ඉක්මනින් වරද කරුවන් සොයාගත යුතු බවටද ප්‍රදේශවාසී කිතුනු බැතිමතුන් පවසා සිටිති.
අදාල කිතුනු ප්‍රතිමාව කැඩූ පුද්ගලයින් කව්රුන්ද යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර සැකකරුවන් සොයා පුලුල් පරික්ෂණයක් අරඹා ඇති බවට යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ

COMMENTS