ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය අගෝස්තු එකොළොස් වැනිදා පවත්වන බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. එද...
එදින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කර ගන්නා බව ද ඔහු කියා සිටියේය.
ජනාධිපති අපේක්ෂකයා කවුදැයි නම් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට භාරදී ඇති බව ද ඔහු සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කළ හොත් මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට වැඩ කළාට වඩා ඉහලින් ඔහුට වැඩ කරන බවද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
COMMENTS