ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට පත්විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බව පිවිතුරු හෙළ උරුමයේ...
ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට පත්විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
සුදු කොඩි සිද්ධිය හෝ වෙනත් සිද්ධියකට ගෝඨාභය රාජපක්ෂ මහතාට කිනම් හෝ අපරාධ චෝදනාවක් එල්ල කල හැකිද යන්න පිළිබඳ මහාචාර්ය මැක්ස් වෙල් පරණගම මහතා සමඟ අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් සාකච්ඡා කල බව සත්‍යයක් බවද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුරයේ පැවති ජනහමුවක් අමතමිනි.
මීට අමතරව රාජ්‍ය නොවන සංවිධාන එකමුතුවක් අමෙරිකානු තානාපති කාර්යාලයට ගොස් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
සියළුම පාර්ශවයන් ගෝඨාභය රාජපක්ෂ මහතාට බිය වන්නේ නම් එළඹෙන ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ ඔහු පමණක් බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS